IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොර ගැන ගත්තේ මෝඩ තීරණයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොහොර තහනමට ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව පිළිගන්නේ  යැයි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

එහෙත් තමා මේ දක්වා එය ප්‍රසිද්ධියේ පැවසීමට නොගියේ  කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ තේ කර්මාන්තයේ ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27  (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගුණාත්මක තේ පැළ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇතැයි පැවසූ අමාත්‍යවරයා  පසුගිය වසරේ දී පැළ තවාන් දාහක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

එහි ප්‍රතිඵල රටට ලැබෙමින් තිබෙන බවද  ඔහු කීවේය.

තේ වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 3,000 ක ප්‍රමාණයක් දැනටමත් බෙදා හැර ඇති බව පැවසූ පතිරණ මහතා ආනයන සමාගම් වලට පොහොර ආනයනය සඳහා  අනුමැතිය ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.

පෞද්ගලික ආනයනකරුවන් කිහිප දෙනකුද රටට පොහොර ගෙන්වා ඇතැයි ඔහු පැවසුවේය.

මේ පොහොර තහනම කැබිනට් පත්‍රිකාව එන විට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට  පළමුවෙන් ම විරුද්ධ වූයේ තමා බවද රමේෂ් පතිරණ මහතා පැවැසීය.



අදහස් (6)

පොහොර ගැන ගත්තේ මෝඩ තීරණයක්

ranjith Wednesday, 16 November 2022 11:01 AM

දැන්ද මතක් වුණේ? කොන්දක් තියෙන්න ඕනෑ... මහජන නියෝජිතයන්ට වහල්ලු වගේ ඇදලා දැන් බොරු කයිවාරු ගහනවා.

:       2       12

Bhanuka Wednesday, 16 November 2022 11:15 AM

රාජපක්ෂලාට බයේ ඒ කාලේ නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන කට වහගෙන ඉඳලා දැන් බොරුවට කයිවාරු ගහනවා. මොවුන් තවමත් හිතාගෙන ඉන්නේ රටේ ජනතාව බත් කන හරක් කියලා....

:       3       11

sharm warn Wednesday, 16 November 2022 11:32 AM

අනේ රමේෂ් මල්ලී... අපිට දුකයි ඔයා ගැන. වැරැද්ද වැරැද්ද හැටියට දකින්න ඔයාටත් පිටකොන්දක් තිබුණේ නෑ. රටටම වෙන හානියට වඩා ඔයාට ලොකු වුණේ බැසිල්ගේ පොහොට්ටුව රැකගන්න එක නම්... ඔයාම හිතලා බලන්න. ඔයාගේ තාත්තා අද හිටියා නම් ඔයාගේ තීරණය ගැන මොනවා කියයිද කියලා... ඔයගොල්ලන්ගේ වගකීම රට දියුණු කරන එකද? නැතිනම් පාදඩ හොරුන්ව දියුණු කරන එකද?

:       2       5

Perera Wednesday, 16 November 2022 02:06 PM

එතකොට අර උපදෙස් දිපු ලමා රෝග විෂේසඥය මෝඩයෙක්ද??????

:       0       3

sharm warnWednesday, 16 November 2022 03:30 PM

ළමා රොග විෂේඥයා පොහොර ගැන උපදෙස් දෙන්න ආවම, තෙරෙන්නෙ නැද්ද? එයාගෙ වයර් මාරු වෙලා ඉන්නව කියල? දෙයියන්ගෙ නාමෙට එයාගෙන් ලමයින්ට වෙදකම් අහන්න නම් යන්න එපා.. පොඩි දරුවන්ට මල් පොහොර හොදයි කියල කියයි... ලොකු අයට සතියකට වතාවක් ගොම පොහොර භාවිතය හොඳයි කියලත් කියයි..

:       0       0

fairoos Wednesday, 16 November 2022 04:15 PM

දැන් ඉතින් නිකං කයිවාරු ඊලග චන්දෙදි බලමු

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site