IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොහොර ආනයනයේදි ලෝක බැංකුවෙන් දැඩි රෙගුලාසි

ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දූෂණයෙන් තොර ක්‍රියාවලියක් බවට සහතික කිරීමට ලෝක බැංකුව දැඩි රෙගුලාසි හඳුන්වා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එම දැඩි රෙගුලාසි සමඟින් මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමය යටතේ ලංසු කැඳවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසුවේය.

ලෝක බැංකු මාර්ගෝපදේශවලට අනුව,පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා, ගිණුම් සහ අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීමට කොන්ත්‍රාත්කරුවන් සහ ඔවුන් යටතේ සිටින උප කොන්ත්‍රාත්කරුවන් ලෝක බැංකුවට අවසර ලබා දිය යුතු අතර ලෝක බැංකුව පත් කරන විගණන නිලධාරීන්හට සම්පුර්ණ ක්‍රියාවලිය විගණනය කිරීමට ඉඩ ලබා දිය යුතුය.

ලෝක බැංකුව වෙන්කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 350 ක හදිසි මූල්‍ය පහසුකම් යටතේ ඇති අරමුදල් යොදා ගනිමින් එළඹෙන මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය ලංසු කැඳවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදා ආරම්භ වන මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට එම අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 110 ක් යොදා ගත් බවත් එම පොහොර තොගය කාණ්ඩ 5 කින් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසුවේය.

වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ලෝක බැංකුවේ දැඩි රෙගුලාසිවලට අනුකූලව ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සමඟ ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමය යටතේ කොන්ත්‍රාත්කරුවන් ලංසු තැබීම සිදු කිරීමට නියමිතය.

ලංසු තැබීමේ ක්‍රියාවලියට අදාළව කොන්ත්‍රාත්කරුවන් නියෝජිතයින්ට කොමිස් හෝ ගාස්තු මුදලක් ගෙවා ඇත්නම් ලෝක බැංකු මාර්ගෝපදේශවල සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරු මුදල ගෙවූ නියෝජිතයාගේ නම,ලිපිනය සහ ගෙවූ මුදල සේවායෝජකයාට හෙළි කළ යුතුය

 



අදහස් (6)

පොහොර ආනයනයේදි ලෝක බැංකුවෙන් දැඩි රෙගුලාසි

sharm warn Monday, 22 August 2022 09:45 AM

ලෝක බැංකුව අපේ සුපින්වත් දේශපාලුවන්ගේ රෙදි එකින්එක ගලවමින් සිටියි. ඔබට ඇහුණද ඒක?

:       0       15

කිරි පුතා Monday, 22 August 2022 09:54 AM

ලංකාවෙ බඩු ගැන ලෝක බැංකුවත් දන්නවා. හැබැයි රාජ්‍ය ආයතන වල සේවකයන් ගැන දන්නෙ නැතිව ඇති. දෙගොල්ලම එකම ජාතියේ බඩු.

:       0       26

සෙනෙවිරත්න Monday, 22 August 2022 10:01 AM

ඔන්න රටේ විනය ගැන ජාත්‍යන්තර සිතන හැටි, අපේ රටේ වංචාවන් වලක්වා ගන්න ලෝක බැංකවටයි උවමනාව එච්චරට පහලට වැටිච්ච ජාතියක් අපි.

:       0       24

ravin Monday, 22 August 2022 11:53 AM

අර චීන අසූචි නැව ගැන එහෙනම් ඒගොල්ලොත් දන්නවා... ඔය හින්දා තමයි මීට ඉස්සර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේගොල්ලෝ යන්න බය වුණේ...

:       0       5

fairoos Monday, 22 August 2022 12:28 PM

රටට මෙච්චර වෙලත් ගෝඨාභයටත් ආපහු එන්න කියනවා... මෙහෙම බයියන් ඉන්නකන් රටට අබ සරණයි..!

:       0       3

ranjith Monday, 22 August 2022 01:07 PM

ඔන්න අපේ නායකත්වය ගැන විදේශ ආධාර දෙන සංවිධානවල මතය...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site