IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ කෙසෙල් වත්ත වේල්ල වීදිය නිවාඩු  නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසියකියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පහර කෑ සේවකයන් දෙදෙනා රෝහල් ගතව ඇත.

ඉකුත්12 වෙනිදින  සවස 5.45 ට පමණ සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබූ සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනා එක් සේවකයෙකුගෙන් ඔහුගේ දුරකථනය ඉල්ලා දුරකථනයක් නොමැති බව පැවසීමෙන් අනතුරුව කමිසයේ කොළරයෙන් අල්ලා පහර දී බිම පෙරලාගෙන පහර දුන් බවත් අනෙක් සේවකයාටද පහරදී නිවාඩු නිකේතයෙන් පිටතට රැගෙන ගිය බවත් පහර දුන්න අය හොඳින් හඳුනන බවත් එම අය පොලිස් නිලධාරීන් බවත් එම පුද්ගලයින්ගේ නම් නොදන්නා බවත් පවසා පැමිණිල්ල කර තිබූ බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වූ මග්ගොන  සිරිවැල ප්‍රදේශයේ පදිංචි සේවකයා සහ කින්නියා කිරි මණ්ඩල පාර පදිංචි  සේවකයා වෛද්‍ය පෝරම ලබා ගෙන රෝහල් ගතවීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ සවිකර ඇති සී සිටීවී දර්ශන පරික්ෂා කිරීමේදී එම පහරදීම සිදුවන අවස්ථාවේදී පටිගතවී ඇතිි දර්ශන ඔස්සේ සිදු කළ වැඩිදුර විමර්ශනවලදී එම පුද්ගලයන් දෙදෙනා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරුන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (1)

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට

අරවින්ද මොණරවිල Tuesday, 14 October 2025 08:43 AM

තවම පොලිසියේ සම හරක්ට උන්ගේ ගති අතහැර ගන්න බැරි වෙලා වගෙයි !

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 660 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 843 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 364 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site