IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොහොට්ටුවේ ලේකම් ජනපතිට දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  යුද්ධයේ  සහාය නොදුන් නායකයකු  වගේම මහ බැංකුවේ  මහ කොල්ලයක් සිද්ධ වූ අවස්ථාවේදී   ඇස් කන් පියාගෙන බලා සිටි නායකයකු බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා   පැවසීය.

එසේ පැවසීමට තමා බිය නොවන බවද ඔහු සඳහන් කළේය.

සාගර  කාරියවසම් මහතා මෙසේ පැවසූවේ  එම පක්ෂ මූලස්ථානයේදී  ඊයේ (30) පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අරගලයේ පැවති අවස්ථාවේදී රටේ නීතිමය ආධිපත්‍ය ආරක්ෂා කළ හැකි සහ රට අරාජිකත්වයෙන්  මුදා ගත හැකි නායකයා කවුදැයි තෝරා ගෙන ඔහු තෝරාගත් බවත්  ඒ  අවස්ථාවේදී සුදුසු නායකයා තෝරා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් නිවැරදි තීරණයක් බවත්  ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විරුද්ධව කටයුතු කළ පිරිස්වලටද කැබිනට් අමාත්‍ය ධූර ලබා දුන් අවස්ථාවේදී පක්ෂය ඊට  විරෝධය පළ නොකළ බව පැවසූ කාරියවසම් මහතා රට වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  ඒ  අවස්ථාවේදී ලොකු කැපවීමක් කළ බවද ප්‍රකාශ කළේය.

කවුරු මොනවා කළත් රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපති තනතුරට පත් කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවත්  ජනාධිපතිවරයාට ඒ ගැන මතකයක් ඇතැයි සිතන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර   ගැටලු විසඳාගත හැකි බවද මන්ත්‍රීවරයා කීය.

මේ රටේ ස්වර්ණමය යුගය නිර්මාණ කළේ මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ ලේකම්වරයා ගමේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ   තවමත් සිටින බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද වලට  බයේ පැන ගිය පක්ෂයක් නොවන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (12)

පොහොට්ටුවේ ලේකම් ජනපතිට දෙහි කපයි

මනෝජ් රණවක Tuesday, 31 October 2023 04:59 PM

සිනාසීමට තැනක් වහාම කියන්න.

:       0       1

චන්දිම ෆොන්සේකා Tuesday, 31 October 2023 05:40 PM

අපි ඔය මනුස්සයාව අපේ ඡන්දෙන් ජනාධිපති කර ගත්තෙත් නැහැ. නුඹලාම තමයි රටත් කාලා දාලා ජනතා මතයට පිටින් මහා ලොකුවට උජාරුවෙන් කිසි විලි ලැජ්ජාවක් නැතුව කලින් පට්ට ගහලා බැනපු කොහේදෝ හිටපු ඒ මිනිහාව ඒක පෝලිමට 113ක් අත් උස්සලා රජකරගෙන පාවඩ එලාගෙන වැඳගෙන ඇමැතිකම් දෙනකොට මේ අපිව බේරා ගත්තු පරම උත්තරීතර නායකයාණෝ කියලා ගුණ ගායනා කරගෙන අනිත් අතින් ජනතාවට කොකා එහෙමත් පෙන්නලා හිනා වෙලා උඩ පැනලා නටලා දැන් එක එකාට කෙලවුණාට පස්සේ හරියට අපි කළා වගේ ජනතාව තවත් අන්දන්න හිතාගෙන දැන් මේ වගේ ලාමක, බොළඳ බයිලා කියන්න හදන බයියෝ රැලට අපිට තියෙන්නේ අතින් පයින් ඇඟිලි වලින් උසුළු විසුළු කරලා හු කියලා හිනාවෙන්න විතරයි. ලබන ඡන්දේදි නම් යන්න වෙන්නේ තමුන්ලාට හොම්බෙන්ම තමයි...

:       0       2

de silva Tuesday, 31 October 2023 06:01 PM

ඔබ?පමණක් නොවේ... රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඔහුට කැමැති නැහැ..හොඳ නැතිනම් දෝෂාභියෝගයක් ගෙනැවිත් ඉවත් කරන්න. රටේ මිනිස්සු හැම හන්දියක් ගානේ කිරිබත් උයාවි..

:       1       1

විජිත් Tuesday, 31 October 2023 06:16 PM

එදා රටේ මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරලා, යන්න එන්න තැනක් නැතිව ඉබාගාතේ ගිය රනිල් හොරු 134 දෙනෙක් ආරක්ෂා කරන පොරොන්දුව පිට ජනාධිපති පුටුවේ ඉන්දුවේ ඔබලා නේද? දැන් කතන්දර කියලා වැඩක් නැහැ.. ඡන්දෙන් පස්සේ, මහපාරේදීම - නැත්නම් ගෙදරට ඇවිල්ලා හරි ඔයාට නොමිලේම හොඳ " මසාජ් එකක් " දෙන්න රටේ මිනිස්සු ලැහැස්තිවෙලයි ඉන්නේ.

:       1       1

CK.Lankaputhra Tuesday, 31 October 2023 06:29 PM

හරිනම් අංගොඩ ඉන්න ඕනෑ මානසික රෝගියෙක් පොදු පෙරමුනේ සභාපති කරලා...!

:       0       2

FAIROOS Tuesday, 31 October 2023 07:03 PM

කාලකණ්ණි ඔක්කොම එකයි... රට කෑවා...!

:       0       1

සිසිර Tuesday, 31 October 2023 08:10 PM

බත ඉදෙනකම් ගම හාමිනෙයි, ගමරාලයි රණ්ඩු වෙනවා. බත ඉදුණාම යාලු වෙනවා. අනේ අනිච්චන්.... මෙයාලාටද පිස්සු, නැතිනම් අපිටද පිස්සු..!

:       0       1

Chaminda Tuesday, 31 October 2023 09:16 PM

ඇත්තද? තියන්නකෝ ඡන්දයක්...!

:       0       1

Perera Tuesday, 31 October 2023 11:19 PM

මෙයාව ගෙනාවේ පොහොට්ටුවේ 134 දෙනෙක්නේ...!

:       0       1

LGP. JATHUNARACHCHI. Wednesday, 01 November 2023 06:52 AM

හොඳ ප්‍රථිපළ එයි.

:       0       1

Asanga Wednesday, 01 November 2023 08:44 AM

දැන් මුඛයයි, අධෝ මුඛයයි මාරු වෙලා වගේ...

:       0       1

Kazi Shajahan Wednesday, 01 November 2023 11:24 AM

සාගරලා මොනවා කිව්වත් බජට් එකයි, රනිල්ට ඡන්දෙයි දෙනවා... බොරු ෂෝ විතරයි. රනිල් මොල කාරයානේ... ඒකනේ කිසිම රිප්ලයි එකක් නොකරන්නේ මේ කතාවලට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site