IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොහොට්ටුව රට බංකොළොත් කර ජනතාවට බදු ගහනවා

(සුජිත් හේවාජුලිගේ)

ජනතාවට බදු පිට බදු ගැසීමට වර්තමාන ආණ්ඩුවට  සිදුව ඇත්තේ පොහොට්ටුව රට බංකොළොත් කර නන්නත්තාර කළ නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

රට බංකොලොත් කළ පිරිසක් ඉදිරියට දමාගෙන යන ගමනකින් ජනතාවට සෙතක් වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන්  කළේය.

රට බංකොලොත්වීමට පොහොට්ටුවේ අය සම්පූර්ණයෙන්ම  වගකිව යුතු බවත් පොහොට්ටුවේ ආර්ථික ඝාතකයන් සිටින තුරු ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උදව් නොකරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

වර්තමාන ආර්ථික වටපිටාව තුළ ජනතාව අන්ත අසරණභාවයට පත්ව සිටින බව පැවැසූ ලක්මන් කිරිඇල්ල මහතා  ජනතාව වෙනුවෙන් කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේ‍ය.

පොහොට්ටුව බලයට පැමිණිමෙන් පසු ලොකු සමාගම් වලට බිලියන  800ක පමණ බදු සහන ලබාදුන් බවත් ජනතාවගේ බදු බර වැඩිවුණේ  ධනපතියන්ට ලබාදුන් මෙම බදු සහන නිසා බවත්  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

පොහොට්ටුව රට බංකොළොත් කර ජනතාවට බදු ගහනවා

නන්නත්තාර Friday, 14 October 2022 01:21 PM

මගේ ඇමතිකම තිබූ කාලේ මගේ දුව වාරිමාර්ග කොම්පැණියක් හදලා ඒ නමින් හදවපු කාපට් පාරවල් මේ දවස්වල වැස්ස නිසා ගල්බොරලු පේනකම්ම කිරි ඇල්ලටම හේදිලා දියවෙලා නන්නත්තාරවී බංකොලොත් වෙලායනවා..!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site