(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.
මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද (3) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොහොට්ටුවේ නායකත්වය බාර ගන්න සූදානම් - මහින්ද
Uditha - London Wednesday, 03 October 2018 12:25 PM
කොහොම හරි වර්තමාන ආණ්ඩුව ගෙදර යවලා රජ පුටුවේ ඉද ගන්නම තමා උත්සාහය... නැවත රාජපක්ෂ ආණ්ඩුවක් අාවොත් රට කරන එක කෙසේ වෙතත් කොනක ඉඳන් පළි ගන්න එක නම් කරනවා අනිවාර්යයෙන්..
sam Wednesday, 03 October 2018 01:06 PM
මෙයාට තියෙන්නේ නායකත්ව භීතිකාව...
BamunuarachchiWednesday, 03 October 2018 02:49 PM
ඒ මොකක්ද ඒ කතාව? භීතිකාව කියන්නේ භය... මෙයා භයනම් නායකත්වයට සටන් කරාවි... මෙයාගේ සිංහල වැරැදිද? මගේ සිංහල වැරදිද?
aseThursday, 04 October 2018 03:53 AM
බොරු වාද වලින් වැරදි හරි කියලා පෙන්නන්න හදන්නේ, ඕවට ජනතාව අහු වුන කලේ ඉවරයි.
NishanThursday, 04 October 2018 05:27 AM
නායකත්ව භීතිකාවක් තමයි. තමුන්ට නායකත්වය නොලැබී එය සහෝදරයෙක්ට යයි කියන භීතිකාව. එහෙම උනොත් තමුන්ගෙන් පසුව පුතාව රජ කරවන සිහිනය බොඳ වෙනවා. දැන් හදන්නේ ඒක වෙන්න කලින් විගහට පැනල ඒක බදා ගන්න.
BamunuarachchiThursday, 04 October 2018 10:01 AM
ඇඟිලි තුඩු වලින් උස්සා ඉහල තනතුරු තිබ්බ කාටවත් එම තනතුර කරන්න බැරි බව ඔප්පුවී තිබෙන බව අපි මෙන්ම එතුමාත් දන්නවා. ඕවා තම හිතින් මවා ගත්ත දේවල්.
සතයපාල Wednesday, 03 October 2018 01:09 PM
එහෙමද ආස, පිටපත ටිකක් බෝරිං වැඩි නැද්ද මන්දා "ජී එල් ඔබ කියන්න මට නායකත්වය බාර ගන්න කියලා.. ඊට පස්සේ මම කියන්නම් නායකත්වය බාර ගන්න සුදානම් කියලා " එහෙම නැතිව වටේ ඉන්න කට්ටිය දමලා මැද මුලන වලව්ව වටකරලා උද්ඝෝෂණයක් හරි, උපවාසයක් හරි කරලා මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකකම බාරගත්තේ නැත්තම් අපි වැඩේ අත හරින්නේ නැහැ කියලා මීඩියා කට්ටිය වටකරගෙන සද්දේ දාන විදියට පිටපත ලිව්වා නම් වැඩේ මල් හතයි ආ...
sirimal Wednesday, 03 October 2018 01:58 PM
මුලින් මුට්ටිය දාලා බලලා දැන් ඔළුවම දාන්නයි යන්නේ... ඒ වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත හරින්න සූදානම් නැහැ නේද? මෙච්චර කාලයක් පොහොට්ටු නායකත්වයට ප්‍රබල කෙනෙක් පත් නොකර අර පඬිතුමා දාගෙන හොයල බැලුවේ කොහාටද වැල ඇදෙන්නේ කියලනේ... ඒ වුණාට ඒ පැත්තට මැස්ස ගහලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව පොල්ලෙලි දාල ජනාධිපති වරණය තියා මහ මැතිවරණයක් දිනන එක නම් ලෙහෙසි වෙන්නේ නැහැ. එ්කනේ දැන් දෙමළ, මුස්ලිම් ප්‍රජාව එක්කත් සුහදතා හමු පවත්වන්නේ. උතුරු නැගෙනහිර එහෙම කරන අතරේ දකුණේ පන්සල්වල තවමත් සිංහල බෞද්ධ අඬ බෙරේ ගහගෙන යනවා. ඔය සේප්පඩ විජ්ජාව "මැරුණත් මහින්ද" කියන කට්ටිය ඇරුණාම රටේ බොහොම දෙනෙකුට තේරිලයි තියෙන්නේ...
DIL sHAN Wednesday, 03 October 2018 02:06 PM
වයස දැන් 73ක් නේද? අප්පට සිරි.. අන්තිම කාලේ ළං වුනාම කට්ටිය මෙහෙම තමයි. දෙවියන්ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! .
BamunuarachchiWednesday, 03 October 2018 02:55 PM
මොකද අවුරුදු 13 කෙනෙක්ට රට බාර දෙන්නද හදන්නේ... කාටවත් නවතා ගන්න බැරිවුණු යුද්ධයක් තිබුණු වෙලාවක රට ඔන්න මෙන්න පාවාදෙන්න හදපු වෙලාවක මෙයා රට බේරාගන්න කොට වයස 64 යි. දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවද? 64දී ඔයවගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක්...
Chanak Los angelesThursday, 04 October 2018 05:20 AM
විශේෂ නිවේදනයයි !දෙවරක් ජනපති පුටුවේ වාඩිවී ඇති හෙයින් නැවත කිසිම වතාවක මහින්ද රාජපක්ෂට ජනපති වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සපුරා තහනම් කර ඇති බව සිහිකර සිටිමි .
raviThursday, 04 October 2018 07:59 AM
රට එල්.ටි.ටි. එකෙන් බේරාගත්තේ .. අපේ ත්‍රිවිධ හමුදාවයි .... !
සනත් ඉතාලිය Wednesday, 03 October 2018 02:58 PM
එහෙමද ආස රටට හෙන ගැහුවත් කමක් නැද්ද?
BamunuarachchiThursday, 04 October 2018 10:10 AM
හලෝ වයස කියන්නේ නොම්මරයක් පමණයි. වයසෙයි හැකියාවයි අතර වෙනස වයසයි කියන අය පෙන්වා තිබෙනවා.
Bamunuarachchi Wednesday, 03 October 2018 03:00 PM
"මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! ලු " ඉන්න අය කරලා තමයි රටට කෙලවෙලා තිබෙන්නේ. මහින්ද මහත්තයෝ තමන්ගේම මිනිස්සු ගල් ගහන ලැහැස්ති වුණු වෙලාවේ පාරට තාර දාපු එකේ ප්‍රතිඵල තමයි මේ. මහින්ද රාජපක්ෂ මහතා නොසිටින්න යාපනේ යන්නත් වීසා ගන්න තිබුණා.
Hafeel Wednesday, 03 October 2018 03:36 PM
නායකත්වය බාර ගත්තට, ව්‍යවස්ථානුව ජනාධිපතිවරණයට තරඟ කරන්න බැහැනේ...
saraThursday, 04 October 2018 04:16 PM
රාජපක්ෂ භීතිකාව.
rohana Wednesday, 03 October 2018 05:16 PM
මහින්ද නෙවෙයි, රාජපක්ෂ නම ගැවුණු කවුරුවත් අපිට එපෝ....
naushi Thursday, 04 October 2018 02:41 AM
දැන් ඔබතුමා විවේක ගන්න. බොහොම ස්තුති.
Shan Friday, 05 October 2018 05:38 AM
අනේද කියන්නේ, වැලේ වැල් නැතුවනේ හිටියේ. පොහොට්ටු වහල්ලු ටික නිසා යන්තම් හරි.
iron Friday, 05 October 2018 03:49 PM
ඔන්න ගෙම්බා මල්ලෙන් එළියට පැන්නා..