IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොහොට්ටුවේ තවත් 10 ක් වැට පනිති ?

(යොහාන් භාසුර)

නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව කී චන්ද්‍රසේන මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා ඒවා හිරකරගෙන සිටින බව ද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට 69 ලක්‍ෂයක් ඡන්ද ගැනීමට සහ තුනෙන් දෙකක් බලය ගැනීමට ගන්න දිස්ත්‍රික් පාලන කළ වැඩ කළ දිස්ත්‍රික් නායකයන් ඔවුන් බවත් ලක්‍ෂ ගණනින් මනාප ඡන්ද ගත්තේ ද එම දිස්ත්‍රික් නායකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (25)

පොහොට්ටුවේ තවත් 10 ක් වැට පනිති ?

Lalla Friday, 19 May 2023 01:38 PM

ගෙදරම පලයව්...

:       11       156

Perera Friday, 19 May 2023 01:41 PM

මේ අපතයින් මොන වැටවල් පැනලා කොහෙට හේත්තු වුණත් කිසිම ඡන්දයක් දෙන්න එපා. මොවුන් ඔක්කොම ඔය දේවල් කරන්නේ තමන්ගේ බඩවඩාගන්න මිසක් රටේ ජනතාව දියුණු කරන්න නෙවෙයි...

:       5       153

සුනෙත් හේමන්ත Friday, 19 May 2023 02:02 PM

ජේෂ්ඨ වෙනකම් අවුරුදු ගාණක් පක්ෂවල ඉඳලා නුඹලා රටට මොනවද කරලා තියෙන්නේ...?

:       3       142

Kazi Shajahan Friday, 19 May 2023 02:09 PM

රනිල්ට දණගහලා වන්දන්න ඕනෑ චන්ද්‍රෙස්නලා... මොකද අද පාරේ බැහැලා යන්නේ ඔයාලා... රනිල් නිසා... වෙන කෙනෙක් ආවා නම් නුඹලා අද ඉන්නේ හිරේ...

:       6       117

සුරංගනී Friday, 19 May 2023 04:09 PM

නියමම කතාව මේක නොදන්නා මේ මනුස්සයා කියන්නේ උන්දැලා දහදෙනෙකුට අසාධාරණයක් වෙනවා කියලා... ඇත්තටම උන්දැලා කරපු දෙයින් අසාධාරණයක් වුණේ ලක්ෂ 129 ක් පමණ වූ ලාංකිකයන්ට මිස මේ 10 දෙනා ඇතුළු 69 ලක්ෂයක් වූ පොහොට්ටුවේ අයට නොවෙයි... අපි කියන්නේ නුඹලාට අසාධාරණයක් වෙනවා නම් ගිහිල්ලා කුඹුරක් කොටාගෙන, හේනක් වවාගෙන පැල් කවියක් කියාගෙන හිටපල්ලා. එහෙම ශක්තියක් නැත්නම් ඔය පැත්තේ කොහෙන් හරි අසපුවක් හදාගෙන කාමර කුලියට දීලා වෙහෙර විහාර ළගින්ම මල් කඩ ව්‍යාපාරයක් කරපල්ලා. එහෙමත් බැරිනම් යන තැනකට පිරිසිදු හිතකින් යන්න බණක් භාවනාවක් කරගනිල්ලා. ඔහොම හිතේ ඊර්ෂ්‍යාව රජකලොත් හැමදාම දුකෙන් තමයි ඉන්න වෙන්නේ...

:       2       38

ravin Friday, 19 May 2023 02:43 PM

ආයේ අමුතුවෙන් පනින්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද? ගම්පළාතේ රාජ්‍ය ඉඩම් පුරාවිද්‍යා සංරක්ෂණ ඉඩම් වගේ දේවල් සාක්ෂි දෙයි. පැනපු තැන් ගැන...

:       2       66

පිටිගල මිලානෝ Friday, 19 May 2023 02:58 PM

බේරෙ වැවේ නාලම යන්න තෙලොංචි වෙලාම... පව්කාර හැත්ත..

:       1       64

සංකා Friday, 19 May 2023 03:00 PM

මේක කියවනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂය තියා බින්දුවටම අඩුයි කියලා පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න හොරුන් ටික තේරුම් ගන්නකල් මේ වගේ පම්පෝරි කියවයි. මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම... යකෝ මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑවා... තොලොංචි වෙලා යන එකයි ඇත්තේ...

:       3       65

තරුණFriday, 19 May 2023 03:47 PM

මුල් ටික ඔක්කෝම ඇත්ත. හැබැයි තරුණ උගත් කියලා නැහැ. හොරකං කරන එකා හොරකං කරනවාමයි...

:       1       21

Dharmatileke Friday, 19 May 2023 03:26 PM

රට නැත්තටම බංකොළොත් කරලා තව ජනතාව වෙනුවෙන් ඉන්නවලු. අපිත් ඉන්නේ මේ පොහොට්ටුවෝ එනකන්.

:       3       17

සනත් Friday, 19 May 2023 03:34 PM

69 ලක්ෂයට ආදරේ තිබුණා නම් රජකම අතහැරදාලා යන්නේ නැහැ. ලක්ෂයකටත් අඩු පිරිසක් කෑකෝ ගහන විට රට ගම් හැරදා යනවිට පාක්ෂිකයින් කොතරම් පහළට වැටුණාද? දැන් මොකක්ද මේ පාක්ෂිකයින් ගැන තියන රුදාව... දැන් හැමෝටම වැටහෙනවා රට යම් දිශානතියකට යනවා කියලා. කරුණාකරලා මේ යන විදියට යන්න දෙන්න. මහ මැතිවරණයක් එනදාට ඔයාලා රෙදි ඇඳගෙන එන්න...

:       9       8

නන්දන ධනශ්‍ර්‍රීFriday, 19 May 2023 09:12 PM

සනාබ්‍රෝ හරියට හරි... ඒ මිනිස්සු කියන ආකාරයට හැමදාම රටට වඩා පක්ෂය ලොකුවීමේ විපාක තමයි අපි දැනට විඳවන්නේ...

:       0       1

විපරමා Friday, 19 May 2023 03:36 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ හොරාකාලා පුරුදු වෙච්චි අයට දැන් ඉන්න අමාරු ඇති...

:       3       18

Gob Friday, 19 May 2023 04:05 PM

වැටෙන් පැනලා ගිහින් පැනපියව් මුහුදට..! ජනතාවට අපතයින් ඕනේ නෑ..

:       1       24

Nedakin Friday, 19 May 2023 04:07 PM

යන්න දෙහිවල සත්තු වත්තේ කූඩුවකට...

:       3       20

චන්දිම Friday, 19 May 2023 04:57 PM

උජාරුවට කියන හැටි විතරක්. ජනතාව වෙනුවෙන්ලු. අනේ බොල නෙමෙයි පැනපල්ලා කෝච්චියට, නැත්නම් මුහුදට හරි ගඟකට හරි. නුඹලා අපිට දියුණු කරගන්න තිබිච්චි රට කාලා, කාලා විනාශ කළා...

:       3       29

roshan Friday, 19 May 2023 05:36 PM

අපේ ලස්සන රට විනාශ කළාට පණුවො ගහලා තමයි මැරෙන්නේ...

:       3       23

Mohamed Fahim Friday, 19 May 2023 05:48 PM

උජාරුවට කියන හැටි විතරක්. ජනතාව වෙනුවෙන්ලු. අනේ බොල නෙමෙයි පැනපල්ලා කෝච්චියට, නැත්නම් මුහුදට හරි ගඟකට හරි. නුඹලා අපිට දියුණු කරගන්න තිබිච්චි රට කාලා, කාලා විනාශ කළා...

:       3       13

Rosa Friday, 19 May 2023 05:55 PM

තොපි සේරම මකබෑවෙයව්...!

:       2       14

Dammi Friday, 19 May 2023 06:18 PM

කීවත් වගේ මොවුන් ඔක්කොම කරපු එකම දෙය ඔවුන්ගේ පවුල්වලට හම්බ කර ගත්තු එක විතරමයි. අපේ අහිංසක මිනිස්සුන්ට කරපු දෙයක් නෑ... අපේ රටේ උගත් ඉගෙන ගත්තු අය ඕනෑතරම් ඉන්නවා. රට පාලනය කරන්න අලුත් අදහස්. දන්න.. තරුණ පරම්පරාව.. දැන් ඔය නාකි ටික ගෙදර ඇරලා.. නැතිනම්. බණක්. භාවනාවක්. කරල.. පව්. ඇරගන්න කියලා සේ රස අයින් කරන්න... මහින්දව එයාගේ පූතා නාමල්.. ඔවුන්ගේ ලේ ගෑවෙන කෙනෙක්වත් එපා. කාළකන්නි සෙරම.. අතුගාලා දාන්න.. ඒක කරන්න කොන්ද පණනැති වුන් සේ රට පලයව්.. තවත් රට විනාශ නොකර.. අද රටේ දරුවෙකුට පාරේ බැහැලා තනිවම යන්න බෑ.. කුඩු ගෙනැල්ලා දරුවන් විනාශ කරනවා.. මොවුන්ට මේ පව් ගෙවන්න ආත්ම ගානකට බෑ.. තවත් කෑදරකම.. මොවුන්ව පන්නලා පාරවල් දිගේ ඇඳුම් නැතිව... අරින්න ඕනෑ... අපි වගේ අහිංසක මිනිස්සු විසින් දුක තේරෙන්න. කන්න නැතිව විඳින දුක තේරෙන්න... පරණ අය සේ රස අයින් කරන්න. අර ජොන්ස්ටන්.. කියන පාපතරයත් එක්ක... අලුත් අයට ඉඩදෙන්න.. දුවලා පැනලා ඉන්න ලස්සන රටක් හදන්න.

:       2       15

තරුණFriday, 19 May 2023 07:33 PM

දැනුත් දේශපාලනේ තරුණ, උගත් අය ඉන්නවා... ඔවුන් රට හදනවාද?

:       3       6

ගමේ එකාලා Friday, 19 May 2023 09:09 PM

වැට පැනලා කෙළින්ම යන්න වෙන්නේ අවීචීමහා නරකාදියට. හොරකම්, වංචා, දූෂණ නාස්තිය කරලා රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන් එනකම් යමරජ්ජුරුවෝ බලන් ඇති...

:       0       1

Prabha Friday, 19 May 2023 09:22 PM

රනිල් කවුද කියලා තාම මොවුන් දන්නේ නෑ.

:       0       3

chandima Friday, 19 May 2023 10:35 PM

ඒ කියන්නේ තවත් චිරාත් කාලයකට මොවුන්ටම තමයි ඡන්දෙ දෙන්න වෙන්නේ..!

:       0       0

Upul weerasinghe Saturday, 20 May 2023 09:56 PM

ඔබ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 264 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 242 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2280 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2316 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1048 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 2968 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 89 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site