
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9990 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබුවා. පොහොට්ටු පක්‍ෂයේ නායකයන් ඒ චෝදනාව ජනගත කළා. ජනතාව එය පිළිගත්තා. 2019 මහ මැතිවරණයෙන් එජාපයේ අන්ත පරාජයට ප්‍රධාන සාධකය වුණේ එය යැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ඉදිරි ජනපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙනියාය කොටපොළ ගල්දොලදී පැවැති ජන හමුවක් අමතිමින්
එහිදී අදහස් දැක් වූ කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙසේ ද කීය.
මහ බැංකු හොරා ලෙස පොහොට්ටුවේ පිරිස එදා චෝදනා කළ රනිල් මහත්තය පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද 134 න් ජනාධිපති කළා. දැන් එය පොහොට්ටු පක්ෂයට පාරාවළල්ලක් වෙලා . පක්‍ෂය සුනුවිසුනු වෙලා ."
අද වන විට පොහොට්ටුවේ සාමාජිකයන්ට යන එන මං නෑ. ප්‍රතිපත්තිගරුක දේශපාලනය නැති තැන සිදුවන්නේ විනාශයක්. ඒ අයට ලජ්ජා බයක් නෑ .
අපට මේ අප්‍රසන්න ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන්න කාලය ඇවිත්. එය කරන්න පුළුවන් එකම නායකයා ලෙස බහුතර පොදු ජනයා විශ්වාසය තබා ඇති සජිත් ප්‍රේමදාස මහතායි . ඔහු දුෂණයෙන් තොර සංවේදී නායකයෙක් . අපි ඔහුට ඉදිරි ජනාධිපතිවරණයෙන් රට බාර දෙමු . දෙනියාය සජබ සංවිධායක කේ .ටි .මහින්දරත්න කතා ඇතුළු කිහිප දෙනෙක් කතා කළහ .
මෙම අවස්ථාවේදී දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් මහතා සජබ යට සහාය පළකිරීමට එක් වීම විශේෂ සිද්ධියක් විය .

2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2497
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘පොහොට්ටුව කළ කී දේවල් අද පාරාවළල්ලක් වෙලා‘‘
සුසා Sunday, 11 August 2024 01:46 PM
කුමාරසිරි හෙට්ටිගේ ඇතුළු පිරිස ගණන් ගන්න එපා.. පොහොට්ටුවට වෙච්චි දේ. සජබ කියන්නේ යූඑන්පී එක සුනුවිසුනු කරලා හදපු පක්ෂයක්. ඔයාලාට හොඳ නම් එයාලාටත් හොඳයි. ඒ නිසා සද්ද නැතුව ඉන්න. නැත්නම් ඔයාලාගේ පරණ කුණුත් මේ වගේ එළියට එයි...
ගමේ එකාලා Sunday, 11 August 2024 03:04 PM
සුද්දවන්තයෝ වගේ කතා කෙරුවාට ඔය කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....
සෙනෙවිරත්න Sunday, 11 August 2024 04:02 PM
මහින්දගෙන් හම්බ කරගත්තේම නැහැ එහෙනම්...!
sene Sunday, 11 August 2024 04:09 PM
ඔව්නේ සුද්දවන්ත රතු අලි පැටියා දැනටම චීනෙන්, ඉන්දියාවෙන් මුදල්වලින් රට ගිය බව ඔහුම කියා ඇත. ඕවාට තමයි පගා කියන්නේ. ඔන්න සුපිරි සුදනෝ, රනිල් වගේ...
Nishan Monday, 12 August 2024 04:34 AM
පොහොට්ටුව විතරක් නෙවෙයි ඔවුන්ව බලේට ගෙනාපු ජේවීපී එකටත් එහෙම වෙලා. 87-89 කාලේ අහිංසකයන්ගේ බෙලි කපලා වැටේ ගහපු පාපකර්ම ආපස්සට කැරකිලා ඇවිල්ලා අද වෙනකන් කිසි වගතුවක් නැති වෙලා
Bunny Preena Monday, 12 August 2024 10:38 AM
අමතක කරමු පැරණි කතා... එකවෙමු ජාතික දියුණුව පතා