IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුවට වූ දේ ගම්මන්පිල කියයි

(ඩයනා උදයංගනී)

පොහොට්ටුව පොළවේ ගැසූ පොල් මලක් මෙන් සීසීකඩ විසිරී ගොස් ඇති බවත්, එහි සිටින කළකිරුණු පිරිස් තම කණ්ඩායම හා එක්වෙමින් සිටින බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

තම කණ්ඩායම ඇමැති ධුර අහිමි කරගත්තේ 69 ලක්ෂයකට ලබා දුන්න පොරොන්දු ඉටු කරගැනීම සඳහා ආණ්ඩුව තුළ සටන් කළ නිසා මිස කළ වරදක් වසාගැනීමට ගොස් නොවේයැයි කී මන්ත්‍රීවරයා ඒ නිසා පොහොට්ටුව එපා වූ කතාව වඩාත්ම ආකර්ශනීය වන්නේ තම කණ්ඩායම වන උත්තර සභාගය වෙත බව ද බව ද සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුව විසුරුවා නොගෙන ඉදිරි වසර දෙක පවත්වාගැනීමට බවත්, එය කළ හැක්කේ ජනාධිපතිවරයාට බැවින් එතුමා ශක්තිමත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා බවත්ය.

නමුත් ජනතාවට අවශ්‍ය 2019 කළ වරද නිවැරදි කරගැනීමට නිසා ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත නොයන බව ද ඔහු පැවසීය.

 



අදහස් (3)

පොහොට්ටුවට වූ දේ ගම්මන්පිල කියයි

de silva Monday, 31 October 2022 07:35 PM

ඔබ ඇතුළු පක්ෂ විපක්ෂ සියලුම පරණ හොරු ජනතාවට එපා වෙලා තියෙන්නේ. එම නිසා ලබලන ඡන්දෙන් පස්සේ පර්ලිමේන්තුවේ අවම වශයෙන් 70% ක් පමණ අලුත් මුහුණු දකින්න ලැබේවි.

:       0       9

nomen Monday, 31 October 2022 09:29 PM

පස්සට වැදුනු පාපන්දු පහර තාමත් රිදෙනව වගේ.

:       0       7

Kukkaa Monday, 31 October 2022 10:58 PM

අනේ ඔයා අර ඩීමන් ආනන්ද වගේ ත්‍රාසජනක කතා කිය කිය ශේප් එකේ ඉන්නව නෙ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site