IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට

(අංජුල මහික වීරරත්න)

පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ  සාකච්ඡා කර තිබෙන අතර විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බව රාජපක්ෂ මහතා කීය.  "අපි බලමු 21 වෙනිදාට  මොකද වෙන්නේ කියලා.

 ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති. අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

 



අදහස් (9)

පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට

CHANDANA Tuesday, 11 November 2025 12:56 PM

හොඳයි .ඒත් පොහොට්ටුවට අපි චන්දය නම් දෙන්නේ නැහැ

:       11       50

Jagath Leanage Tuesday, 11 November 2025 12:57 PM

තෑන්ක් යු .

:       1       29

BBC Tuesday, 11 November 2025 01:02 PM

මේ නාමල්, උඹල ට චන්දෙ දුන්නනේ මිනිස්සු, 2005,2010,2020 , රනිල්ටත් චන්දෙ දුන්න නේ 2001,2015, එහෙම දීල රට බංකොලොත් වෙනවා මිනිස්සු බලාගෙන හිටියනේ, උම්බල කෝටිපතියෝ වෙලා ,බාර් අයිති, ලොකු V8 පදින, ලොකු අයියල වෙනකලුත් බලාගෙන හිටියනේ මිනිස්සු.ඊට පස්සේ, රටේ මිනිස්සුන්ට හෙට දවසක් තියෙයිද නැතිද කියන තත්වෙට රට පත් වුනානේ, රටේ අලුත බැඳපු තරුණ ජෝඩු, දරුවෝ හදනවද නැතිද කියන උබතෝ කෝටියකටත් ආවනේ මේ රටේ තියෙන තත්වේ දැකල. 2016 මහින්ද සුළඟ පටන් ගෙන රනිල්ට වැඩ කරන්න දුන්නේ නැහැ වගේ , ආයෙත් පටන්ගන්න ද . දැන් මේ මිනිස්සුන්ට කරන්න දීල පැත්තකට වෙලා ඉන්නවා මනුස්සයෝ..

:       13       47

Rata Perata Tuesday, 11 November 2025 01:16 PM

අසූචි ටිකක් උනත්, නිකම් දෙන්නා නම් සාක්කුවේ දාගත්ත මුන්, දැන් මේ විදියට හරි හිතන තැනට පාත් කළාට අනුර අතුලු වර්තමාන රජයට ස්තුති වෙන්න ඔන.

:       11       31

ලසන්ත Tuesday, 11 November 2025 01:16 PM

මෙලෝ රහක් නෑ! අවුරුදු 4කට පසුව ආපසු දෙන්න වෙනවානේ. ආයේ ගන්නේ නෑ කීවනම් දෙනකම් පොලවේ හැපෙයි.

:       11       14

දේශප්‍රිය Tuesday, 11 November 2025 01:27 PM

නුවණක්කාර තීරණයක්. දැන් පේන හැටියට තඹුත්තේගම කුඩුපියාගේ ජාතික කුඩු බලවේගය ඔය කැබ් වලින් අයිස්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඉඩ තියෙනවා. දැනටමත් ඔය බලවේගයේ මන්ත්‍රිලා කීප දෙනෙක් කුඩු කේස් වලට මාට්ටු වෙලා තියෙනවා. ඔය කැබ් හැම එකක්ම කුඩු ට්‍රාන්ස්පෝට් එකක් වෙන්න පුළුවන්.

:       31       11

ලලනිTuesday, 11 November 2025 09:23 PM

මන්දමානසික දේශප්‍රිය. පව්.

:       1       3

කපුරුහාමි Tuesday, 11 November 2025 02:57 PM

ජනතාවට ආසියාවේ ආස්චර්‍ය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රැවැට්ටුවේ සාටකයෝ ? තාරුණ්‍යයට හෙටක් කියලා කෙරුවේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් විනාශ කරන්ඩ කටයුතු කරපු එක.සාටකයෝ දූෂිතයෝ,රැව්ටිලි කාරයෝ ,ගුණමකුවෝ , ආර්ථික ඝාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝලි බඩගෝස්තරවාදියෝ කියලා ලෝකෙම දන්නවා .

:       5       14

විපරමා Tuesday, 11 November 2025 03:29 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු පොහොට්ටුවේ උන්ට මොන කැබි රථද? දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තියපු හොර පෙරකදෝරුවා , ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 843 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site