IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පහුගිය ආණ්ඩු වැඩ කළේ මූල්‍ය ගැන කිසි සැලැස්මක් නැතිව

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පසුගිය වර්ෂ ගණනාවක් පුරා ආණ්ඩු කටයුතු කළේ ඉදිරි මූල්‍ය ක්‍රමෝපාය ගැන කිසිම සැලැස්මක් නැතිව බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අප ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනය ගැන විපක්ෂයෙන් කිසිම අදහසක් ඉදිරිපත් වන්නේ නැහැ.අප යම් මාතෘකාවක් ඉදිරිපත් කළාම ඔවුන් ඒ මාතෘකාව ගැන කිසි දිනක කතා කරන්නේ නෑ.

ආර්ථික අර්බුදයක ගිලී තිබූ රට දැන් යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කරමින් ඉන්නවා.පසුගිය ආණ්ඩු ක්‍රියා කළ ආකාරය ගත්විට කිසි දිනක ඉදිරි වර්ෂ වල කටයුතු කරන්නේ කොහොමද කියලා ජනතාව දන්නේ නැහැ.ඔවුන් පසුගිය වර්ෂ ගණනාවක් කටයුතු කළේ ඉදිරි මූල්‍ය ක්‍රමෝපාය ගැන කිසිම සැලැස්මක් නැතිවයි.එම නිසා එහි මුදල් හැසිරවීම් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් කටයුතු කළා. අපේ ඉදිරි ඉලක්ක සමාජයට කී විට ජනතාව ඒවාට අනුගත වෙනවා.මේ නිසා කිසිවකුට රටේ ධනය නාස්ති කරන්නට ඉඩ ලැබෙන්නේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

පහුගිය ආණ්ඩු වැඩ කළේ මූල්‍ය ගැන කිසි සැලැස්මක් නැතිව

යෝගා Monday, 30 June 2025 04:11 PM

අම්මෝ, එහෙනම් මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය 7%ක් 8%ක් වෙයි නේද? ගිය අවුරුද්දේ රනිල් සීයාට පුළුවන් වුනේ 5%නේ...

:       5       20

අරවින්ද මොණරවිල Monday, 30 June 2025 04:48 PM

අපොයි පුළුවන් යෝගා, පැට්‍රල් ලීටරය රුපියල් 500 කරලා, විදුලි බිල යූනිට් එකකට රුපියල් පනහ ගානේ අය කරලා, එතකොට අනුරටත් පුළුවන් කජූ කකා ලෝකය වටේ රවුම් ගහන්න අන්තඃපුරයට එක්ක !

:       12       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site