IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පස් දෙනෙක් හඳුනා ගැනෙති

ඇන්ටනෝව්  යානයේ අනතුරින්  මිය ගිය ගුවන් භටයින්  තිදෙනා ඇතුලු පස් දෙනෙක්  හඳුනාගනු ලැබ සිටිති.

ගුවන් නියමු  බලගණ නායක ගොකරැල්ලේ  ජේ.එම්.ඩබ්ලිව්.එම්  අබේවර්ධන,  සහායක නියමු පියාසර ලුතිනන් හොරණ තුඩුවේ  ඒ.ඒ.ටී ධනුක තරංග අමරතුංග,  බලපන්ති  සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප්‍රියන්ත, කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.එල් විජේරත්න  යන අය මිය ගිය බවට  හඳුනාගත් බව  ගුවන් හමුදාව  පවසයි.

තුවාල ලැබු  නායක ගුවන් භට ඩී.කේ.එන්  චතුරංග  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි කියයි.

තමන් බේරාගන්නැයි කියමින් එහි සිටි ගුවන් භටයකු කෑ ගැසු බවත් ඒ අනුව එහි පැමිණි මගීන්  එහි පැමිණ ඔහු බේරාගත් බවත් ප්‍රදේශවාසීහු කියති.

003-A-M-Wasantha

ගුවන් නියමු බළගණ නායක අබේවර්ධන මුලාචාරිගේ වසන්ත නිහාල්.ඉපැදුණේ 1981.06.09 වැනිදාය.කොළඹ රාජකීය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබීය.ගුවන් හමුදාවට බැදුණේ 2002 ජුලී මාසයේදීය.

004-A-A-Danushka

සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනුක තරංග.ඉපැදුණේ 1985.01.30 වැනිදාය.හොරණ තක්ෂිලා මැදි විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.ගුවන් හමුදාවට බැඳුණේ 2006 ජුලී මාසයේදීය.

 

005-A-M-Lalith-Priyantha

බල පන්ති සැරයන් ගුවන් ඉංජිනේරු මානික්කුවඩු ලලිත් ප්‍රියන්ත .ඉපැදුණේ 1975.07.01 වැනිදාය. ගුවන් හමුදාවට බැඳුණේ 1995 දීය.අධ්‍යාපනය ලැබුයේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයයෙනි.

001-W-Amila-Nuwan

කෝප්‍රල් වාසල තිලකගේ අමිල නුවන්  විජේරත්න සැපැයුම් නිලධරයෙකි.ඉපැදුණේ 1984.04.03 වැනිදාය.ගුවන් හමුදාවට බැඳුණේ  2004 දීය.අනුරාධපුර ශාන්ත ජෝසෆ් විදුහලේ ආදි සිසුවෙකි.

006-G-K-Namal-Chathuranga

ගොඩකන්ද කංකානම්ගේ නාමල් චතුරංග,සැපැයුම් නිලධරයෙකි.නායක ගුවන්භටයෙකි.ඉපැදුණේ 1990 .08.16 වැනිදාය.ගුවන්හමුදාවට බැඳුණේ 2010 අගෝස්තු මාසයේදීය.බද්දේගම කිස්තුදේව පිරිමි පාසලේ ආදී සිසුවෙකි.(ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගුවන් භටයා)

 

 

 

 



අදහස් (0)

පස් දෙනෙක් හඳුනා ගැනෙති

ලියනගේ Friday, 12 December 2014 06:36 AM

මුළු ජාතියම වේදනාවෙන් බලාගෙනයි ඉන්නේ මේ අනතුර ගැන. (නි)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Friday, 12 December 2014 12:42 PM

නිවන් සුව පතමි.! (ර)

:       0       0

ඉන්දික Friday, 12 December 2014 07:53 AM

මහත්වරුනි, ඔබට ජාතියේ ප්‍රණාමය! හරිම කණගාටුයි (නි)

:       0       0

ගොනපිනුවල ජනතාව Friday, 12 December 2014 07:59 AM

ඇන්ටනොව් එකක් ගන්න පුළුවන්. එහෙත් මේ තරුණ ජීවිත අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ නේද? ඔබට නිවන් සුව සොහොයුරනි! (නි)

:       0       0

මධූ Friday, 12 December 2014 03:36 PM

සැමට නිවන් සුව පතමි. (නදී)

:       0       0

චාමිනි Friday, 12 December 2014 09:31 AM

ඇන්ටනොව් එකක් ගන්න පුළුවන්. එහෙත් මේ තරුණ ජීවිත අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ නේද? ඔබට නිවන් සුව සොහොයුරනි! (ර)

:       0       0

කුමාරි Friday, 12 December 2014 04:45 AM

ජීවිතක්ෂයට පත්වුණ අය ගැන කණගාටුයි. (නි)

:       0       0

යසංග Friday, 12 December 2014 05:00 AM

අනේ දෙවියනේ! අහිංසක ජීවිත.... (නි)

:       0       0

රන්ජිත් Friday, 12 December 2014 05:07 AM

අතිශයින් කණගාටු වෙමි. සැමට නිවන් සුව පතමි! (නි)

:       0       0

ටෙනිසන් Friday, 12 December 2014 05:20 AM

අපරාදේ! අහිංසක ජීවිත නේද මේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site