IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්  විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගඩොල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වාකරේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මොවුන් දෙදෙනා අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල්  රියදුරා ගඩොල් කැටයක්  ගෙන එයින් වැරෙන් පොලිස් කොස්තාපල් වරයාට දමා ගසා ඇතැයි පොලිසිය කියයි.

අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ගෙන යන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්පැවසීය.

වාකරේ පොලිසිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට

චමින්ද Tuesday, 08 August 2023 10:56 AM

පොලිස් කාරයෝද මනුෂ්‍යයෝය

:       1       4

Bunny Preena Tuesday, 08 August 2023 02:24 PM

පීඩාකාරි පීඩනය මුදා හැරීමක් වත්ද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site