IMG-LOGO

පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට

(එස්. ඩි .කොඩිකාර )

කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ  පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින්  සිටි මොරවක වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලය පවසයි .


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක පදිංචි වෙළඳ සැල් හිමියෙකි.

මොහු මෙම පරිප්පු  අලෙවි කර ඇත්තේ රුපියල් 100 ට සැමන් ලබා දෙනුයේ මෙම පරිප්පු මිලදී ගන්නන්ට පමණක් බව පවසා ඒවා අලෙවි කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි .

මෙම පරිප්පු තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් පරිභෝජනයට නුසුදුසු  විශාල පරිප්පු ප්‍රමාණයක් අලෙවි කරන්නට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශ්වාස කරයි.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර්ෂ ලුණුවිල මහතාගේ උපදෙස් පරිදි මොරවක කොට්ඨාස භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්.එල්. රචිත මහීෂාන් පිටබැද්දර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව් .අමිල සාරංග යන මහත්වරු විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් වෙළදසැල් හිමියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට

siri Friday, 20 March 2020 05:56 PM

මම දැක්කා පත්තරේ තියෙනවා කල් ඉකුත්වූ පරිප්පු කන්ටේනර් වගයක් වරායෙන් එලියට ගන්න කට්ටියක් ලොකු උත්සාහයක් දරනවා කියල.

:       0       4

මුණසිංහ Saturday, 21 March 2020 01:11 AM

කෝරෝනාව නිසා තමන්ගේ මඩිය තර කරගත් කීදෙනෙක් ඉන්නවද? වෙළෙද සැල්වල විකුණාගන්න බැරුව තිබුණු කල් පැනපු ආහාර ද්‍රව්‍ය කොපමණ විකුණාගන්න ඇත්ද? වැඩිපුර බස් ගාස්තු අය කල කොන්දොස්තර වරු කීදෙනෙක් ඉන්නවද?

:       0       2

ajith Saturday, 21 March 2020 02:45 AM

පරිප්පු මිල පහත හෙලීමෙන් පසු ඇතැම් වෙළඳ සල්වල බාල පරිප්පු විකිණීම බහුලව කරනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site