(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පොලිසිය කියයි .
වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ මිය ගිය පුද්ගලයා එම අත්තිවාරම කපමින් සිටියදී ඔහු මතට පස් කන්ද කඩාගෙන වැටී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා ඔහු පිටතට ගෙන රෝහල කරා රැගෙන යන අතරමග දී මියගොස් තිබේ .
එසේ මියගොස් ඇත්තේ දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඊ.එම්.පී.ඩබ්ලිව්. ඒකනායක නමැති 49 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.