කැස්සට දෙන පැණියක් සමඟ මානසික ලෙඩුනට දෙන වේදනා නාශකයක් මිශ්‍ර කැර මත් පැණියක් හදා අලෙවි කළ ආයුර්වේද වෛද්‍යවරයකු බව කියන මංජුල පද්ම කුමාර රත්නසිංහට රුපියල් ලක්ෂයක දඩයක් ද වසර පහකට අත්හිටැවු තුන්මාසයක සිර දඬුවමක් ද මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා විසින් නියෝග කැරිණි.
වැල්ලමිපිටියේ පදිංචි එම පුද්ගලයා කළ වරද හා ඊට දුන් දඬුවම ඇතුළත් අධිකරණ වාර්තාව ඔහුගේ වියදමින් සිංහල,ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්හි පළ කර එම වාර්තා පළ වු පුවත්පත් සැප්තැම්බර 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඔහුද එදින අධීකරණයේ පෙනී සිටිය යුතුය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් පරීක්ෂක සීඒඑස් චම්මික මහතා සමග විලවුන් හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු විය.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිස්සු බේත් විකුණා පිස්සු හැදෙන වැඩක් කර ගනී
රුවන්තිකා Thursday, 28 August 2014 12:26 PM
ආයුර්වේද වෛද්‍ය කෙනෙක්නම් මොකටද වෙන බෙහෙත් එකතු කරලා විකුනන්නේ. ආයුර්වේදයේ හොද බෙහෙත් තියෙනවනේ . මෙයා ඇත්තම වෛද්‍යවරයෙක්ද ? රජයේ ලියාපදිංචිය තියෙනවද බලන්න? මෙවෛද්‍යවරයා මෙහෙම කලාට හැම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ . ඇත්තම වෛද්‍ය වරයෙක් නම් වෛද්‍ය හැදුනුම්පතක් ,පිළිගත් සහතිකයක් (ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිකුත්කල) තියෙනවා (අ)
සත්‍යයා Thursday, 28 August 2014 12:36 PM
80 දශකයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ එවක ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ එක්තරා දොස්තරවරියක් විශ්ව විද්‍යාලයේ විවිධ අසනීප වලට ප්‍රතිකාර ගන්න ආ සිසු සිසුවියන්ට නියම කර තිබුණේ මානසික ලෙඩුන්ට දෙන පෙති වර්ගයත්. ඇය සමග සේවය කළ සාධාරණත්වය අගය කළ අනෙක් දොස්තරවරිය මේ අය හෙළි කිරීම නිසා තම දේශපාලන හයිය පාවිච්චි කර අහිංසක දොස්තර වරිය සේවයෙන් පහ කරන්න තරම් ඇය සැහැසි වුණා. ඔන්න ඔහොමයි මේ සියලු ව්‍යාසන ආරම්බ වුණේ. (අ)
ලක්විදු Thursday, 28 August 2014 01:41 PM
මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්, ලංකාවේ බහුතරයක් ආයුර්වේද දොස්තරලා සහ දේශීය දොස්තරලා ලෙඩ්ඩුන්ට දෙන්නේ එක්කෝ ගෙඩිපිටින් ඉංගිරිසි බෙහෙත්, නැත්නම් ඉංගිරිසි බෙහෙත් කවලම් කරපු බෙහෙත්. රුවන්ති කියන විදියට ආයුර්වේද බෙහෙත් ඔච්චර හොදනම් වෙන්න ඕන ඔකේ අනිත් පැත්තනේ. (අ)
නිශාර්ඩ් Thursday, 28 August 2014 08:36 AM
ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙකුට සමාජයේ තියෙන්නේ අනිත් වෘත්තිකයින්ට නැති ඉහලම සහ බොහොමත්ම ගෞරවනීය තැනක්. සල්ලි වලට ගිජු මෙවැනි සමහර පුද්ගලයින් නිසා එම තනතුරුත් බොහොම හැල්ලුවට ලක්වෙලා. බොහොම කණගාටුයි. (දිල්)
ධම්ම Thursday, 28 August 2014 09:18 AM
හිසේ ඇම්මට කොත්තමල්ලි කුඩුවලට ඩිස්ප්‍රින් පෙති කුඩුකර දමා සිංහල බෙහෙතක් සේ දෙන ආයුර්වේද වෛද්‍යවරයෙක් ගැන මා අසා තිබෙනවා. (ස)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 28 August 2014 10:16 AM
ලංකාවේ ඔක්කොම දැන් කාලේ කරන්නෙම පිස්සු වැඩ. (ස)
කමිල් Thursday, 28 August 2014 10:19 AM
උසාවියෙන් කාලෙකට පස්සේ හොඳ දඬුවමක් දීල තියෙන්නේ. කරපු දේ ගැන පත්තරේ දාන එක. එතකොට අපිටත් දැනගන්න පුළුවන් පැහැදිලිවම. (ස)
හේවාවිතාරණ Friday, 29 August 2014 01:32 PM
මට පෙනෙන්නේ පිස්සන්ට නෙමේ දොස්තරට පිස්සු හැදිලා තිබෙන්නේ (නදී)