රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටිආරච්චි මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියමු වුයේ කොළඹ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකුටය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ග්‍රෑම් හාරසිය හතක බරින් වු එම රන් කැබලි උපත්පාලන කොපු වල බහා කාබන්කොල වල ඔතා තිබු බවයි.
මොහු එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ඒ.අයි 273 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමනේ රේගු අධිකාරිවරුන් අචල චන්ද්‍රසේකර, ඩබ්ලිව්.බී සමරකෝන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.එන් විෙජ්සිරි, එම්. සිරිවර්ධන, අසංක ප්‍රියදර්ශන, එම්.එම්.එල්.එස්.සී කුමාර, එච්.ආර්.එම්.ඩබිලිව් බංඩාර,ආර්.එම්.සී.එන් ලංකා සහ නිරෝෂිකා පතිරන යන නිලධාරීහු සිදුකළහ.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්ස පැත්තේ බිස්කට් රාජසන්තකයි
විද්‍යා Sunday, 30 March 2014 10:06 AM
කාබන් කොළ තියෙන්නේ ටයිප් කරනකොට කොපි හදා ගන්නනේ කාබන් එක්ක වැඩිය සෙල්ලම් කරන්න හොඳ නෑ.(නදී)
සමන්ත Sunday, 30 March 2014 11:16 AM
ඔච්චර අමාරුවෙන් ඇතුළට දාගත් එක එළියට අරගෙන තව දඩයකුත් ගහලා... කීයක් හරි දීලා යවන්නනේ තිබුනේ.කොහේ තිබුනත් රටට එන මුදලනේ. (නි)
රාවන් Sunday, 30 March 2014 08:13 AM
අමාරුවෙන් ගෙනයන්න අවශ්‍ය නැත. මේ රටේ 'කම්බ හොරුන්ගේ' උදව් පතන්න. (නි)
පියුමි Sunday, 30 March 2014 08:56 AM
එතකොට එ්වා ගෙනා පැත්ත? යම් දඩුවමක් දීම සුදුසුයි නේද? (නි)
රාවන් Sunday, 30 March 2014 08:59 AM
පියුමි, ඔයාට මොකටද ඒ කතා? (නි)