
(සමන් පාලිත නානායක්කාර)
පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
නමුණුකුල කන්ද පාමුල පස්සර ගෝනගල නැගෙනහිර වසමේ තේ පර්යේෂණ ආයතනය අසල මෙම නායාම සක්‍රිය වී තිබේ.
මෙම ස්ථානය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවද එබැවින් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් නොමැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
වැසි නොමැති වුවද මෙම නාය යාම සක්‍රිය වී භූමියේ විශාල පැලුම් ඇතිවී ඒවා පුළුල්වෙමින් පවතින බවත් මේ වන විට පස් කොටස් පහළට රූරා එන බවත් පොලොව යටින් බොර දිය පහරවල් ගලමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර නාය යෑමක්