IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාසල් සිසුවා කැලයෙන් අහුලාගත් බෝම්බය

(ඩී.ජී.සුගතපාල)

සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු  අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකු සරුංගලයක් සෑදිම සඳහා කෝටු කපාගෙන ඒමට නිවස පිටුපස කැලයට ගිය අවස්ථාවේ මෙම බෝම්බය දැක නිවසට ගෙනැවිත් ඇත.

මේ අතර සිසුවාගේ මාමා අද දහවල් එම නිවසට පැමිණි අවස්ථාවේ ළමයා බෝම්බයක් අතේ තබාගෙන සිටිනු දැක බියට පත්ව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට දැනුම් දි තිබේ. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කර බැලිමේදි අනාවරණයවි ඇත්තේ මෙය යුද හමුදා නිලධාරින් විසින් පාවිච්චි කරනු ලබන බෝම්බයක් බවටය.

 



අදහස් (2)

පාසල් සිසුවා කැලයෙන් අහුලාගත් බෝම්බය

Bunny Preena Tuesday, 22 July 2025 10:42 AM

ලමයින්ට පාසල් විෂයන්ට අමතරව බාහිර දේවල් සහ සමාජ වටාපිටාවන් ගැනත් දැනුම්වත් කල යුතු බවයි මට හැඟෙන්නේ. හොඳ වෙලාවට දරුවා කුතුහලය හේතුකොට ගෙන එය ගලවන්නට උත්සාහ කලේ නැත්තේ. මාමාගේ පැමිණීමත් ලොකු අනතුරක් වැලක්වීමට හේතු සාදක උනා. පිපිරලා තිබුණා නම්, මහ විනාශයක් එක්ක මොන මොන විදියේ, කොහොම කතා පැතිරිලා ඇතිද?

:       0       3

Vije Tuesday, 22 July 2025 01:59 PM

ළමයයි, මාමයි ඉතා බුද්ධිමත්ව ක්‍රියා කරලා තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site