කටුගස්තොට කහවත්තේ නිවසක නවතා තිබූ ත්‍රී රෝද රියක් හොරෙන් රැගෙන යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසි කියයි. රිය පැහැරගෙන යද්දී කාර්මික දෝෂයක් හේතුවෙන් එය අතරමග නැවතී ඔහු පොලිසියට කොටු විය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් සිසුවාගේ හොරකම වරදී
ධම්ම Monday, 25 May 2015 04:29 AM
ඔහු පාසල් සිසුවෙකු නිසා හරිමඟට ගන්න අපහසු නැහැ. හැබැයි ඉතින් ගුරුවරු අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙනගත්තාටම මදි. ප්‍රායෝගික වෙන්නත් ඕනෑ. (නි)
සුරනි Monday, 25 May 2015 05:21 AM
කටුගස්තොට ප්‍රදේශය එතරම් මහනුවර පළාතේ හොඳ නමක් තිබෙන ප්‍රදේශයක් නෙවෙයි. කුඩු, කසල තේ ,සොරකම් වංචා නඩු හබ ගැන මේ පත්‍රයේම මේ ප්‍රදේශය ගැන මාසෙකට පාරක් වත් පලවෙනවා. ප්‍රදේශයේ නිතිය ක්‍රියාත්මක වීමේ අඩුවක් දැයි මට සිතෙනවා. (නදී)
නිහාල් Sunday, 24 May 2015 06:19 PM
ලංකාවත් දැන් ටික ටික ඇමරිකාවේ වගේ පත්වෙමින් තියෙනවා (නදී)
නාමල් Monday, 25 May 2015 06:55 AM
සමහරු මෙතැන යුරෝපා රටවල් ගැන කොමන්ට් කරලා තියෙනවා ඒවා කලුද සුදුද දන්නැතිව. යුරෝපා රටවල තරම් පාසැල් ගැන අවධානය යොමු කරන ඒ ලමයින් යහපත් මාර්ගයට ගන්න නීති තියෙන රටවල් වෙන කොහේවත් නෑ. බාල වයස්කාරයෙකුට මත්පැන් විකිනුවොත් එංගලන්තයේ නම් ඒක කඩේ වහන්න තරම් වරදක්. (නදී)
සුනිල් Monday, 25 May 2015 02:16 PM
හොඳ අනාගතයක් තිබෙන පාටයි (නි)
මහේෂ් Monday, 25 May 2015 02:07 AM
දෙවියෝ ඒ වෙලාවේම දඬුවම් දීලා (නි)
හේමන්ත Monday, 25 May 2015 04:14 PM
නාමල්, යුරෝපයේ කළු සුදු කොහොම වුණත් පාසල් යන වයසේ ළමයි ගිනි අවි /මත්ද්‍රව්‍යය පරිහරණය ආසියාවට වඩා ගොඩක් වැඩි බව නොදන්නා කෙනෙක් නැතිතරම් (නි)
මොවින්ද Monday, 25 May 2015 03:51 AM
ලංකාවත් දැන් යුරොපා රටවල් පැත්තට යොමු වෙනවා ළමා මනසක තරම (ම)
ඉසුරන්දි Monday, 25 May 2015 04:07 AM
සමාජයේ පිරිහීමත් සමඟම සමහර තරුණ පරපුරත් ඒ පාරේ ගමන් කරනවා. (නි)