වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ.
මෙමගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10 000ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100 000ක් දක්වා ආවරණයක් සැලසෙනු ඇත.
පාසල් සිසුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් ලක්ෂයක් ලැබෙනු ඇති අතර පාසල් සිසුවකුගේ මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000ක් ද මෙමගින් ලැබෙනු ඇත.
සිසුවකු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂයක් ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට රුපියල් ලක්ෂය දක්වාද වන්දි ලබාගත හැක.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2 348ක වාර්ෂික වාරිකයට යටත්ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක්
shantha Thursday, 24 August 2017 02:57 PM
කාලා ඇවිල්ල ළඟ එන ඡන්දෙට අන්ධ වෙලා කතිරේ ගහන්න...
minipe Thursday, 24 August 2017 04:37 PM
තමන්ට කියලා අාදායමක් නැති මේ ළමයින්ට, ලෙඩක් වුණාම රජයේ ඉස්ප්රිතාලවලට යන්න බැරි ඇයි? ආණ්ඩුව රජයේ රෝහල් විශ්වාස නොකරනවා වගේ...
sanjeewa Thursday, 24 August 2017 11:13 PM
මෙතන කොමිස් ඩීල් එකක් යන්නේ. අර කිව්වා වගේ රජයේ ඉස්පිරිතාල නැද්ද?
ලුම්බිණි Friday, 25 August 2017 04:35 AM
මේ ළමයින් සහ රටේ හැම දෙනාම වෙනුවෙන් නොමිලේ රෝහල් පහසු කම දැනටමත් දීල තිබෙනවා නේද? එහෙමත් නැත්නම් මේ මුදල් දෙන්නේ පුද්ගලික රෝහල් ගියෝතින්ද?
Nuwan Friday, 25 August 2017 05:07 AM
ඔව් හැම දේටම බනින්න ඕනේ , හොද උනත් නරක උනත් එක තමයි නියම සිංහල ගතිය
imesh Friday, 25 August 2017 06:46 AM
නිදහස් සෞඛ්‍ය සේවය ළඟදීම නැතිවෙන හැඩයි. අයි.එම්.එෆ්. යෝජනාව වැඩකරනවා...
jayananda Friday, 25 August 2017 02:00 PM
මෙහි සියලු විස්තර නොදනිමි. මුළු පාසල් කාලයටම එකවරක් ලබා දෙන්නක්ද? පළමු පන්තියට ඇතුළත් වන දරුවා 13 වන පන්තිය දක්වා යනතෙක් එක්වරක් පමණක් ලැබෙන දෙයක්ද? වසරකට එකවරක්ද?.....
Ratnamalala Friday, 25 August 2017 06:53 PM
ලැප් ටොප් ටික නම් ලමින්ට ලැබුන. මේකත් ඉක්මනටම කරේ.