IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් සිසුන්ට චීනයෙන් රෙදි

(ඩයනා උදයංගනී)

මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීන සමූහාණ්ඩුව මෙම ප්‍රදානය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉතිරි රෙදි අවශ්‍යතාවය දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (3)

පාසල් සිසුන්ට චීනයෙන් රෙදි

saththyaa Tuesday, 23 August 2022 01:34 PM

අපි චීනයට වෛර කරන රටක් හැටියට නිරුවතින් පාසල් ගියානම් නේද ලස්සන ?

:       0       1

randil Tuesday, 23 August 2022 01:38 PM

චයිනීස් පාසල් ලගදිම එයි.

:       0       2

Surain Tuesday, 23 August 2022 02:16 PM

දේසපාලුවෝ කියපු හා කියන බොරු එකතු කරලා බලු වටින මොවුන් යම රජ්ජුවරුන්ටත් බොරු කියා අපායෙත් වෙනම පාලනයක් ඇති කරාවි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site