‘සිංගර්’ කුසලාන සඳහා වූ අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේදී කිංග්ස්වුඞ් සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වල ක‍්‍රීඩකයන්ගේ ගැටුමත්, තවත් පැමිණිලි දෙකක් පිළිබඳවත් පාසල් රග්බි සංගමයේ අවසන් තීරණ ජූලි මස 3 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය.
කිංග්ස්වුඞ් සහ ශාන්ත අන්තෝනි ක‍්‍රීඩකයන්ගේ ගැටුම පිළිබඳ මූලික විමර්ශනය මහනුවර ත‍්‍රිත්ව විදුහලේදී හෙට (01) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
එහි විනිසුරු වාර්තාව මේ වන විට පාසල් සංගමයට ලැබී ඇති අතර අද පැවැත්වෙන මූලික විමර්ශනයේදී විදුහල් දෙකේ කණ්ඩායම් බාර ආචාර්වරුන්ගෙන් සහ තරගයේ කටයුතු කළ නිලධාරීන් දෙදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතය.
ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීමට පාසල් සංගමය ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස ඉසිපතන විදුහල ඉල්ලීමක් කර තිබේ. තවද පාසල් දෙකකට සාමාන්‍ය පෙළ අසමත් ක‍්‍රීඩකයන් දෙදෙනකු ක‍්‍රීඩා කළේ යැයි ද ඉසිපතන විදුහල පැමිණිළි කර තිබේ.
මෙම සියලූම පැමිණිළි සහ ඉල්ලීම් පිළිබඳව අවසන් තීරණ ගැනීමට පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩා සංකීර්ණයේදී 3 වැනිදා පස්වරුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් රග්බි සංගමයේ තීන්දු දීම 3 දා