
(යොහාන් භාසුර)
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී අද (10) භාරදුන්නේය.
2025 වර්ෂයේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට ස්තූතිය පළකළාය.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 කි. ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවය ප්‍රදානයක් ලෙස මහජන චීනය පරිත්‍යාග කළේය.
නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ. තුන්වැනි නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වන දින මෙරටට ළගාවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11,000 ක් චීනය දෙයි
mahesh Tuesday, 10 December 2024 06:23 PM
නිල ඇඳුම් දෙන්න අත්‍යාවශ්‍ය දූ දරුවන්ට පමණක්...! ඒ අයට මදි නම් තව දෙන්න, ඒත් ගොඩක් අය මේ රෙදි නාස්ති කරනවා. ඒ නිසා කරුණාකර නාස්තිය අවම කරන වැඩපිළිවෙලක් සකසන්න...
යෝගා Tuesday, 10 December 2024 07:56 PM
අනුරයි හරිනියි ගිය අවුරුද්දේ ඉඳන් හරියට මහන්සි වුණා... ඔය රෙදි ටික චීනෙන් ගන්න. නැත්නම් කොහේද?
sirisena Tuesday, 10 December 2024 09:28 PM
හැමෝම බලයට පත්වන්නේ රට ගොඩ දැමීමට වුවත් පාසල් අධ්‍යාපනයේ සිට සියල්ල නොමිලයේ ලබාගනිමින් (ඇමෙරිකාව, චීනය ඉන්දියාව සහ වෙනත් රටවල පරිත්‍යාග) මත පවතින රටක්...
රුවන් Wednesday, 11 December 2024 09:44 AM
මේක නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, අපේ ඉස්කෝලේ ගොඩ ගහලා තිබ්බා කාමරයක් ඒ දවස්වල, අන්තිමට පුච්චලා දැම්මා. ලංකාවේ අංක එකේ කොළඹ පාසලක්. කෝච්චර සල්ලිද? දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබ්බා නේද?