IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාසල් කාසි නීතිය පොට්ට කාසියක් වේ

ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතැම් ජනප්‍රිය පාසල්හි හය ශ්‍රේණියට ඇතුළු කිරීමේදී මුදල් අය කරතියි ගම්පහ දෙමාපියන් පිරිසක් චෝදනා කරති.

 බස්නාහිර පළාතේ පාසලක ශිෂ්‍යත්වය සමත් සිසුන් හය ශ්‍රේණියට බාර ගැනීම සඳහා එවා ඇති ලිපියේ පහසුකම් හා සේවාගස්තු සහ පාසල් සංවර්ධන සමිති අරමුදලට අමතරව රුපියල් 4000ක් ගෙන එන ලෙස දන්වා ඇත. ඇතැම් පාසල්හි මීටත් වඩා වැඩි මුදලක් අය කරන බව දෙමාපියේ කියති.

පහසුකම් හා සේවා ගාස්තුව හා සංවර්ධන සමිති අරමුදල පමණක් අය කිරීමට අවසර ඇති අතර එම මුදල පාසලෙන් පාසලට වෙනස් වෙතියි කියති.

ගම්පහ එක් පාසලක ගාස්තුව මෙසේය.

පහසුකම් හා සේවා ගාස්තු - රුපියල් 60.00

පාසල් සංවර්ධන සමිති අරමුදල  - රුපියල් 3.00

ආරක්ෂක ගාස්තු -  රුපියල්120.00

ඇගයීම් -රුපියල්  150.00

ක්‍රීඩා - රුපියල් 150.00

ආගමික කටයුතු - රුපියල් 17.00

නව ව්‍යාපෘති - රුපියල් 4400.00

අනුමත වෙනත් - රුපියල් 100.00

ලංකා ගුරු සංගමය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ 2008/37 චක්‍රලේඛයේ 2 සිට 11 ශ්‍රේණිය දක්වා ළමයින් ඇතුළු කර ගන්නා අන්දම දක්වා ඇති බවයි. එම චක්‍රලේඛයේ 6.0 වගන්තිය අනුව රජයේ පාසල්  පාසල්වලට සිසුන් ඇතුළු කර ගැනීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික අරමුදලට අමතරව කිසිදු මුදලක් අය කළ නොහැකි බව දක්වා ඇති බව ද එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

මුදල් ගෙන ඒමට යැයි බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ද, එවැනි අවස්ථාවල දැඩි ලෙස ක්‍රියාකරණ බව ද, පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ සංවිධානයක් එලෙස මුදල් ගෙන ඒමට බලපෑම් නොකළ යුතු බව ද 2008/37 චක්‍රලේඛයේ සඳහන් බව කී ස්ටාලින් මහතා මුදල් ගෙන එන ලෙසට බලපෑම් කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය හෝ අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු කීවේ 2008/37 චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී අනවශ්‍ය ලෙස මුදල් අයකිරීම තහනම් කර ඇතුවා පමණක් නොව 2008/41චක්‍රලේඛයෙන් ද විවිධ ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බවයි. චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මුදල්  අය කරන්නේනම් වහාම ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කරන ලෙසද එම නිලධාරියා පැවසීය.

 



අදහස් (0)

පාසල් කාසි නීතිය පොට්ට කාසියක් වේ

අජිත් කුමාර Monday, 21 January 2013 12:37 PM

පැමිණිලි කරන්න ගියාම ගුරුවරුන්ගෙන් ළමයින්ට ‘සෝලි වැටෙනවාට‘ දෙමාව්පියෝ බයයි. (ත)

:       0       0

උපාලි එම් Sunday, 20 January 2013 11:19 PM

හරිම කණගාටු දායක තත්ත්වයක්. මම උසස් පෙළ කරන්න ඇතුළත් වුණේ කොළඹ තිබෙන ඉහළම පාසලකට 1975 දී. ඒ කාලෙ මට වියදම් වුණේ ඉල්ලුම් පත්‍රය ලියාපදිංචි කරන්න ගිය තැපැල් ගාස්තුව (රුපියල් 2) ව හා පහසුකම් ගාස්තු විතරයි. දැන් මේ සිදුවෙන්නේ කුමක්ද? (ත)

:       0       0

පිටිගල Monday, 21 January 2013 01:51 PM

ඇයි දැන් හාර්ඩ්වෙයාර් කඩවල බිල් භාරගන්නේ නැද්ද? (නි)

:       0       0

ලලිත්- කටාර් Sunday, 20 January 2013 03:40 PM

හිතන්න පුලුවන් එකම දේ අයකරගන්න මුදලින් කොටසක් ඉහළ නිලධාරීන්ටත් ලැබෙනවා කියන එකයි. නැත්නම් ඒවා නවත්වන්න බැරි ඇයි? (ත)

:       0       0

නලිංග Sunday, 20 January 2013 04:19 PM

මට පේන්නෙ මේක සක්විතිගෙ ඉස්කෝලයක් වගෙයි. (ත)

:       0       0

ඩෑම් - දෝහා Sunday, 20 January 2013 04:27 PM

මේ නීති රීති ගැන විදුහල්පති තුමන්ලා දන්නවාද දන්නේ නෑ නේද?

:       0       0

ඩෑම් දෝහා Sunday, 20 January 2013 04:29 PM

අපේ මිනිස්සු අද හොරු වෙලා තියෙන්නේ කියක් හරි වැඩිපුර ගානක් දීලා ළමයව පාසලට ඇතුළු කරගන්න බලන එකෙන්. මොකද අද ළමයෙක් පාසලකට ඇතුළු කරගන්න තියෙන අමාරුව කවුරුත් දන්නවානේ. (ත)

:       0       0

හිමාල් Sunday, 20 January 2013 04:42 PM

පක්ෂ පාට නොහැතිව මේ අනාවරණය කිරීම ගැන මම ආචාරය පළ කරමි. (ත)

:       0       0

ඒකනායක Monday, 21 January 2013 08:11 AM

නීති දාලා වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්. අධ්‍යාපන අමාත්‍යංශ උපදෙස් පිළි නොගන්න තත්ත්වයක් ද අද තියෙන්නේ? (ත)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 21 January 2013 08:20 AM

නීතිය එහෙම වුණාට අපේ ගමේ පාසලේ එක වසරෙ ළමයෙකු වෙනුවෙන් රුපියල් 5000කටත් වැඩියෙන් වෙන්න වුණා. (ත)

:       0       0

කිර්ති Sunday, 20 January 2013 07:19 PM

ළමයින් ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site