IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් ක‍්‍රිකට් නව සභාපති ආනන්ද විදුහල්පති ධර්මසේන

පාසල් ක‍්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ විදුහපති එල්. එම්. ඞී. ධර්මසේන මහතා පත්විය. එම සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය (2012/2013) ඉකුත්දා කොළඹ නාලන්දා විදුහලේදී පැවැත්විණි. මෙම නිලවරණයේදී ප‍්‍රධාන ලේකම් ධූරයට සහ උප සභාපති ධූර 7 සඳහා ඡුන්ද විමසීමක් පැවැති අතර මෙවර මහා සභා රැස්වීම පැය 6 කට ආසන්න කාලයක් පැවතීම කැපී පෙනුණි. දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මෙන්ම පළමු පෙළ ක‍්‍රිකට් විනිසුරුවකු ද වන ඩිල්ෂාන් ද සිල්වා (140) සහ රාගම බැසිලිකා විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මංජුල වාස් (71) යන මහත්වරු ලේකම් ධූරයට තරග කළ අතර එහිදී ඩිල්ෂාන් ද සිල්වා මහතා වැඩි ඡුන්ද 69 කින් ජය ලැබීය. උප සභාපති ධූර 7 සඳහා 10 දෙනකු ඉදිරිපත් වීම නිසා ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණි. නව නිලධාරී මණ්ඩලය: සභාපති - එල්. එම්. ඞී. ධර්මසේන මහතා (විදුහල්පති ) කොළඹ ආනන්ද විදුහල), ප‍්‍රධාන ලේකම් - ඩිල්ෂාන් ද සිල්වා මහතා (දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල), උප සභාපතිවරු (7) - ජගත් සේනාරත්න (විදුහල්පති - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), සරත්චන්ද්‍ර සිල්වා (විදුහල්පති - පානදුර රාජකීය විදුහල), මේජර් බී. ඒ. ඞී. වානගුරු (විදුහල්පති - දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල), මොහාන් වික‍්‍රමසිංහ (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), ජේ.  ඕ. එස්. පණ්ඩිතරත්න (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) මංගල ජයරත්න (හඹරණ ඉසුරු පාසල) යන මහත්වරු සහ ඥන පොන්රාජ පියතුමා (විදුහල්පති - යාපනය ශාන්ත ජෝන් විදුහල), උප ලේකම් - වසන්ත කාරියවසම් මහතා (කොට්ටාව ආනන්ද විදුහල), භාණ්ඩාගාරික - නිහාල් ප‍්‍රනාන්දු මහතා (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), උප භාණ්ඩාගාරික - නිශාන්ත කුමාර මහතා (රත්ගම දේවපතිරාජ විදුහල), ගණන්පරීක්‍ෂක - එන්. සී. දිසානායක මහතා (වයඹ රාජකීය විදුහල)



අදහස් (0)

පාසල් ක‍්‍රිකට් නව සභාපති ආනන්ද විදුහල්පති ධර්මසේන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site