IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල්වල මත් ජාවාරම නැති කරන්න ඇමැති සැරසෙයි

(රංජන් කස්තුරි)

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැඹුරු ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ද එය නතර කිරීමේ වැඩපිළිවෙළක් ඉතා කඩිනමින් ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පවා රැගෙන එන බවට තොරතුරු වාර්තාවන බව ද කොළඹ නගරයේ පාසල්වලින් එය වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන  බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

පාසල් සිසුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ඊට සමගාමීව ක්‍රියාත්මක කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

ජාත්‍යාන්තර ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කර තිබූ ‘ගුරු ප්‍රතිභා ප්‍රභා‘‘ උත්සවය සහභාගී වෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අදහස් පළ කළේය. 



අදහස් (4)

පාසල්වල මත් ජාවාරම නැති කරන්න ඇමැති සැරසෙයි

ganegoda Thursday, 06 October 2022 04:56 PM

හැමදාම අමුඩෙ ගහන හැටි කියව්වට තාම කුඹුරට බැහැපු දවසක් නම් නැහැ.

:       0       3

SL Thursday, 06 October 2022 05:24 PM

කියව කියවා ඉන්නේ නැතිව ක්‍රියාත්මක වුණානම් තමයි හොඳ... දිනකට දරුවන් කීපදෙනෙක් මත්කුඩු වෙළෙන්ඳන්ගේ උප්ප්පැරවට්ටි වලට අහුවෙනවාද දන්නේ නැහැ. මම නම් කියන්නේ පාසලට ඇතුල්වෙන තැනට පොලිස් බල්ලන් සහිතව STF සෙබළුන් යෙදවිය යුතුයි කියලා.. මතට ගොදුරු වූ දරුවන්ව හැකි ඉක්මණින්ම පුනරුත්ථාපනය කළයුතුයි. ඒ දරුවන්ටම වෙන්වූ පුනරුත්තාපන ආයතන හරහා...

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 06 October 2022 07:45 PM

මේවට අපි හිනාවෙන්න ඕනෑ කොහෙන්ද? ප්‍රේමජයන්ත හිතනවා ඇති අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා..!

:       0       0

පලමු සාම්පලය නොමිලේ. Thursday, 06 October 2022 08:10 PM

පාසල් අවට ඕවා දුලබය..... ඒත් ප්‍රයිවට් ටියුෂන් අවට ඕවා සුලභය...! මොබයිල් ටොපප් තැන්වල ඕවගෙන් ලමයි ටොපප් කෙරේ ...! පලමු සාම්පලය නොමිලේ.... ඇබ්බැහි උනා නම් මලේ... මලේ..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site