(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔලු කන දේශපාලන කල්ලි පාසල් වලට රිංගමින් සිටින බවට තොරතුරු ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොළඹ ,ඇඹිලිපිටිය සහ පොළොන්නරුවේ පාසල් වලට දැනටමත් මේ දේශපාලන පක්ෂ ඇතුළු වී තිබෙන බව දැනගන්නට ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්ව විද්‍යාල වලට එන්නේ රටේ සාරය බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්ව විද්‍යාල වලට ඇතුළු වූ විවිධ දේශපාලන පක්ෂ දරුවන්ගේ ඔළු කෑව බවද මෙම දේශපාලන පක්ෂ පාසල් වලටත් ඇතුළු වෙමින් තිබීම බරපතල තත්ත්වයක් යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලනය පහ සල් වලට ගෙන යන්නට එපා යැයි ඉල්ලා සිටින්නේ යැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
99
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල්වලට ඔලු කන්නෝ රිංගලා
චන්දන Thursday, 24 November 2022 04:38 PM
ඇත්ත . ජවිපෙ , පෙරටුගාමී දෙගොල්ල ම ලමයි නොමග යැවීමට සූදානම් වෙනව .
sharm warn Thursday, 24 November 2022 04:40 PM
ආ... මෙන්න මෙයාලගේ අනාගත ඡන්ද නැති වෙයි කියලා බඩ බුරුල් වෙලා. එතකොට මේගොල්ලොන්ට හොඳයි ඉස්කෝලවල ළමයි අරන් සංදර්ශන තියලා ඔලු විකෘති කරන්න. වෙන අය කරනකොට තමයි හදවත උණු වෙලා වැගිරෙන්න පටන් ගන්නේ.
Perera Thursday, 24 November 2022 11:27 PM
පාර්ලිමේන්තුවට රට කන්නෝ රිංගලා
බයියා Friday, 25 November 2022 07:04 AM
රටේ පවතින අධික උත්දමනය නිසා . අලුත් වාරෙට පොත් ටික ගන්න දෙමවුපියන්ට සල්ලි නැතිවෙනකොට , දිවා කාලෙට කැන්ටින් එකෙන් බනිස් ගෙඩියක්වත් ගන්න සල්ලි මදි වෙනකොට ( වැඩකට නැති බනිස් ගෙඩියකුත් දැන් රු 100) , හැම දාම පාසල් එන්න බස් එකේ එන්න දෙන්න සල්ලි නැතිවෙනකොට , කැඩුන සප්පතු දෙක වෙනුවට අලුත් දෙකක් ගන්න තිය හිතන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියනකොට , අමතර පන්ති වලට වියදම් කරන්න දෙමවුපියන් ළඟ මුදල් නැති කොට , රටේ යථාර්තය තේරෙන ළමයින්ගේ ඔලු හෝදන්න පිට අය එන්න ඕනෙද ? මේවැනි ප්‍රකාශ වලින් තෙරෙනවා ජනතාවගේ බදු මුදලින් පිනට ජිවත් වෙන පොහොට්ටුවේ හොරු ටික ඉන්නේ මහා පොලවේ යතාර්ථය ගැන කිසිම අවබෝදයක් නැතිව කියල
Chamara perera Friday, 25 November 2022 09:49 AM
ඔයා කැම්පස් ගියපු කෙනෙක්ද? නිකම් නන්දොඩවන්නේ නැතුව විනාශ කරපු රට ගොඩගන්න බලන්න.