IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල්වලට අවසන් නිවේදන

(රංජන් කස්තුරි)

ජාතික ජල සම්පාදන මණ්ඩලය පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර ඇතැම් පාසල්වල ජල සබඳතා අත්හිටුවන බවට අවසන් නිවේදන නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයට චෝදනා කරයි.

ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් පාසල්වලින්  ජලගාස්තු අය නොකළ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට ගාස්තු අය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව ද ලංකා ගුරුසංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

පාසල්වල ජල සබඳතා අත්හිටුවහොත් දරුවන්ට බීමට ජලය නොමැතිවීමෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව ද ඔහු කීය.



අදහස් (3)

පාසල්වලට අවසන් නිවේදන

මොට්ටපාල Wednesday, 19 October 2022 05:55 PM

කවුරු කොහොම තීරණ අරගෙන තිබුණත් මම විදුහල්පති කෙනෙක් නම් සේවය අහිමිවුණත් ජල මණ්ඩලයේ කිසිවෙකුගේවත් දරුවන්ට පාසලට එන්න දෙන්නේ නැහැ. ඇයි මණ්ඩලයේ වැඩකරන අයට මෙහි වැරැද්ද පෙන්වා දෙන්න බැරි? මණ්ඩලයේ නිලධාරින් හා සේවකයින් මානුෂික හැඟීමක් නැති අයද?

:       5       1

Prase Wednesday, 19 October 2022 06:10 PM

කිසිම දෙයක් නිකන් දෙන්න එපා.. අනිවාර්යයෙන් බිල් කරන්න. අවුරුදු 74ක් දීලා අධ්‍යාපනය බිහිවුණ හොරු ටිකක් විතරයි. ජනතාව හිඟන්නන් වුණා. ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගෙන ඔවුන්ගේ v8 ගත්තා. අන්තිමට v8 වල යන අයගේ දෙමව්පියන්ට කන්න දෙන්න වෙලා තියෙන්නේ කුලී වැඩක් කරන මනුස්සයාගේ බදුමුදල්වලින්... රජයේ සේවකයෝ කියන්නේ පඩිය විතරක් වැඩිකරගන්න ඉන්න අය...

:       1       7

චන්දන Wednesday, 19 October 2022 07:46 PM

මේ කියන විදියට ස්කොලේ ඉන්න ගුරුවරුද වතුර බිල ගෙවන්න ඕනෑ. පිස්සු කතාවක්. පාසල් සංවර්ධන ගිණුමෙන් සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ ගිණුම ට සල්ලි ආණ්ඩුව දෙන්නේ නැතිනම් සිසුන්ගෙන් පාසල් සංවර්ධන සමිති ගාස්තු වලින් තමා පිරවෙන්නේ... දැනට අය කරන මුදල් ප්‍රමාණවත් නැතිනම් එම ගාස්තු වැඩි කරන්න වෙනවා. අන්න එදාට කෑගහලා වැඩක් නැහැ. ස්කොලෙට සල්ලි ගන්නවා කියලා...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site