කොළඹ රාජකීය, ආනන්ද සහ නාලන්ද ඇතුලු පාසල් 13කට පසුගිය වසර තුනේ එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කර ගත් ආකාරය සහ ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කර ගත් ආකාරය පිළිබඳ සවිත්සතරාත්මක වාර්තාවක් වගුවක ආකාරයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුහල්පතිවරුනට නියෝග කළේය.
එලෙස නියෝග කැරුණේ කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, ඩී ඇස් සේනානායක, ඉසිපතන, තර්ස්න්, මහානාම, දේවි බාලිකා, සිරිමාවෝ බණ්ඩාරනායක, විශාඛා, ගෝතමී බාලිකා, ගාල්ල රිච්මන්ඩ් සහ මාතර රාහුල යන පාසල්හි විදුහල්පතිවරුනටය.
ලංකා ගුරු සංගමය සහ දෙමාපියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (31) ප්‍රියසාත් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන සහා උපාලි අබේරත්න මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ එම නියෝගය කැරිණි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලට ළමයින් ගත් හැටි විදුහල්පතිවරුන්ගෙන් විමසයි
බින්දු Wednesday, 01 April 2015 04:35 AM
දුෂණය , වංචාව, ලංකාවේ පටන් ගන්නේ පළමු වසරට දරුවා ඇතුලත් කිරීමේදී . සමහර අවස්ථා තියෙනවා මව්වරු ලිංගික අල්ලස් දීපු අවස්ථා. ඉතින් අපි කොහොමද ගුණ ගරුක පරපුරක් බලාපොරොත්තු වෙන්නේ. (බ)
හේරත් Wednesday, 01 April 2015 04:45 AM
ජාතික ඇති පාසල් හිමිවිය යුත්තේ ජාතික මට්ටමේ දක්ෂතා ඇතුලත් ඇති ළමුන්ට පමණි. ජාතික පාසල් වලින් ආදී ශිෂ්‍ය නමැති මාෆියාව ඉවත් කළ යුතුය. ජාතික පාසල් වලට ළමුන්ගත යුත්තේ ශිෂ්‍යත්ව දක්ෂතාව මත පමණකි. දෙමාපියන්ගේ හැකියාව මත දරුවන් ඇතුලත් කිරීමෙන් ගම්බද දෙමාපියන්ගේ දරුවන් අසාධාරණයට ලක්වන අතර පොහොසත් දෙමාපියන්ගේ දරුවා පමණක් හොද පාසල් වලට ගනී (බ)
හේමන්ත Wednesday, 01 April 2015 05:31 AM
බොහොම හොඳ වැඩක් මගේ දරුවන් දෙදෙනාටම පාසල් නැහැ .තවත් පාසල් තියෙනවා මේ වගේ (දිල්)
රුබට් Wednesday, 01 April 2015 06:02 AM
සරසි වගේ මෝඩ ළමයිනේ, දේශපලුවොයි අනිත් හැමෝමයි බලන්නේ තමන්ගේ ළමයි ඉස්කෝලේ යවන්ඩ. එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කොන්ද පණ නැති, වංචා සහගත බාල විදුහල්පතිවරු අතේ, මොකද මේ අය තමයි ඉස්කෝලෙට ළමයි ගන්නේ. දේශපලුවන්ගේ ළමයි විතරක් නෙවෙයි, ලොකු මුදලාලිලාගේ, අනිත් මිනිසුන්ගේ ඔක්කොමගේම මේ විදුහල්පතිවරු ගන්නේ පගාවට තමයි. මගේ අයියගේ ළමය නුවර ධර්මරාජෙට දැම්මේ ගිය අවුරුද්දේ රුපියල් ලක්ෂ 7 ක් දීල ඒකෙ ලොක්කට. ඒ ඉස්කෝලේ නම මේ ලිස්ට් එකේ ඇත්තේත් නැහැ. (බ)
අනුර Tuesday, 31 March 2015 04:36 PM
ඉතාම හොඳ වැඩක්. මොකද පසුගිය වසර කිහිපය තුළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කරගැනීම හරියට සීමාකළා. මොකද පළමු වසරේ සිට දේශපාලුවන්ගේ ළමයි නෑදෑයෝ හැමකෙනාම මුදලට හරි ඇතුළත් කරගත්තා. ඒ තුළින් අසරණ දෙමාපියගේ දරුවන්ට වැට බැන්දා. අද මේ ලොකු පාසල්වල ඉන්නේ ඉගෙනගන්න පුළුවන් ළමයින්ට වඩා මුදලාලිලාගේ ළමයි. (නි)
වසන්ති Tuesday, 31 March 2015 04:38 PM
මැති ඇමතිවරුත් වගකියන්න ඕනෑ මේ දේවල් වලට. (නි)
රුබට් Wednesday, 01 April 2015 06:16 AM
මෙතන සහ අනිත් හැමතැනම, මිනිස්සුන්ට අදහස් පළ කරන්න අවස්ථාවක් ලැබුණ ගමන් දේශපාලකයින්ට බනින එක විතරයි (දිල්)
චන්ද්‍ර Tuesday, 31 March 2015 04:50 PM
මේ ලොකු ලොකු පාසල් වල ඉන්නේ වැඩිහරියක් දේශපාලුවන්ගේ හිතවතුන් සහ ඔවුන්ගේ ළමයි. අධ්‍යාපනයට දක්ෂ ළමයි නෙමෙයි. පාසල් වල විනය පිරිහීමට හේතුව මේ අසාධාරන ක්‍රියාවන්. (නි)
ප්‍රශාන් Tuesday, 31 March 2015 05:30 PM
ඔය පාසල් ළඟ කරකැවුණොත් ක්‍රමය හොයාගන්න පුළුවන්. ඕක නවත්වන්න කරන්න තියෙන්නේ මෙම පාසල් වල 1 සිට 7 වසර දක්වා ඉවත්කර ශිෂ්‍යත්වය 7 වසරේදී තියා 8 වසරට මෙම පාසල් වලට ළමුන් ගැනිමයි. එතකොට මේ තියෙන තදබදයත් අඩුවේවි (නි)
රවින්ද Tuesday, 31 March 2015 07:53 PM
ඔය ලැයිස්තුවේ අඩංගු වියයුතු තවත් පාසල් තිබෙනවා නේද? (නි)
විකී Tuesday, 31 March 2015 08:09 PM
බලධාරීන් කරන අකටයුතුකම් වලට අනාගත පරම්පරාවටත් උසාවි යන්න වෙයි. කිසිම දෙමාපියෙක් මුලික පහසුකම්වත් නැති පාසලකට තමන්ගේ දරුවා දාන්නේ නැහැ. මම මගේ පුතා දාගත්තෙත් ඒ විශ්මකර්ම කාලයේ මහිමයෙන්.. (නි)
නලීන් Tuesday, 31 March 2015 09:46 PM
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
දසුන් Tuesday, 31 March 2015 10:43 PM
සරසි , පාසල් වලට ළමයින්ව ඇතුළත් කරන්නේ ඉදිරි අනාගතයට සුදුසුකමක් ලබාදීමටය. (නි)
යසිරු Wednesday, 01 April 2015 01:20 AM
විදුහල්පතිවරු ඉතා ඉක්මණින් පොහොසත් වෙන්නේ මොකද කියලා අපි නම් දන්නවා (නි)
දුමින්ද Wednesday, 01 April 2015 02:14 AM
දිසාපාමොක්ලා සේරිවානිජලා වූූ සැටි, දැනගතයුතුය ඇති සැටි. (ස)
සරසි Tuesday, 31 March 2015 01:12 PM
ළමයින් ගත්ත හැටි විදුහල්පති වරුන්ගෙන් නෙවෙයි , කිසිම සුදුසුකමක් නැති ළමයින්ව පාසල් වලට රිංගෙව්වේ කොහොමද කියල දේශපාලකයන්ගෙන් තමයි අහන්න ඕන. (බ)