IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්පෝට් කන්තෝරුවේ cctv කැමරා ගබඩාවේ දිරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදීගෙන ඇති සීසීවී කැමරා සවි නොකර   වසර හයක් තිස්සේ  ගබඩාවක  විනාශ වෙමින් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

සමහර නිලධාරීන් මෙවැනි ආයතන වල  කැමරා උපකරණ සවි කිරීමට  විරුද්ධ බවද  කාරක සභාව පවසයි.

එම කැමරා  සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන එහි ප්‍රගතිය ලබන මැයි මස 15 දිනට පෙර දැනුම් දෙන ලෙස කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

පසුගිය 2014 වසරේදී  මිලදීගෙන ඇති මෙම කැමරාවලට අවශ්‍ය  උපාංග බොහොමයක්  නොමැති බවද   මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේවා  මිලදී ගැනීමට මැදිහත් වූ නිලධාරීන් මේ වනවිට ස්ථාන මාරුවීම් ලබා  ගොස් සිටින බවද   සඳහන් විය

මේ අතර ගුවන්තොටුපොළ ඊගේට් පහසුකමට අදාළ උපාංග මිලදී ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබුණද තවමත් ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පළවිය.

විද්‍යුත් ගමන් බලපත්‍රය නිකුත් කිරීම වසර හතරක් තිස්සේ ප්‍රමාද වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව නියෝග කළේය.

රුසියානු සහ යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමෙන් පසුවද මෙරට රැඳී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු වල නිරතවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටළු පවතින බව නිලධාරීහු පැවසූහ. මේ අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්  හඳුන්වා දී ජනතාවගේ සහාය ලබා ගැනීමට කාරක සභාව නිර්දේශ කළේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන සිල්වා ප්‍රසන්න රණවීර ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි තිස්ස අත්තනායක ජේසි අලවතුවල වීරසුමන වීරසිංහ මධුර විතානගේ වෛද්‍ය උපුල් ගලප්පත්ති මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ  කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

පාස්පෝට් කන්තෝරුවේ cctv කැමරා ගබඩාවේ දිරලා

කාක්කා Wednesday, 10 April 2024 07:07 AM

සීසිටීවී හයි කරනවාට අපි විරුද්ධයි. ඒක වැඩකරන සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්. එහෙම කලොත් අපි වැඩවර්ජනයක් කරනවා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site