IMG-LOGO

‘පොසොන් සඳ‘ බැස යයි

ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය. ඔහු හත් දරු පියෙකි.

සිරිපාදේ සමනළ කන්ද පෙනේ , බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා කමලා ආදී ගීත ද ඔහු ගැයූ ගිත අතරට අයත්ය.

ඉංග්‍රීසි සිංහල දෙබසින්ම ගී ගැයීමේ හැකියාව තිබූ ඔහු ධනවත් පවුලක උපන්නේය. මවුන්ට් බැට්න් සාමි වරයා ඉදිරියේ ද ගී ගයා ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ රුපියල් ලක්ෂයක වත්කමක් ඔහුගේ පියාට තිබූ බව කියති.ඒ අනුව ඔහු ඉපදී ඇත්තේ ලක්ෂෙට කොඩිය දැමූ නිවසකය.

ඔහු වාදනය ඉගෙන ගත්තේ තනිවමය. ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයන් දෙදෙනාටත්, සහෝදරියටත් ගී ගැයීමේ හැකියාව තිබිණි.

1940 දෙවැනි ලෝක යුද සමයේ කොළඹ පාසල් ද වැසිණි. මෝදර පදිංචිවී සිටි ඔහුගේ මව්පියෝ ගම්පහ පදිංචියට ගියහ. මුලින්ම ඔහු ගෙදරට හොරෙන් ප්‍රසංගවලට සහභාගී විය. මව ඔහුට ඒ සඳහා සහාය දුන්නාය.

යුද සමයේ වේදිකාවේ ජනප්‍රිය ගායකයකු වූ ඔහුට නොකඩවාම අත්පොලසන් නාදයත්, සල්ලිත් ලැබිණි. ප්‍රේක්ෂකයෝ සල්ලි කොල හා කාසි වේදිකාවට විසි කළහ.

1947 දී ඔහු ගුවන්විදුලියට එක් විය.

ඔහු පෙම්ගී දෙ තුනකට වඩා ගායනා නොකළේය. ඊට හේතුව ඔහුගේ බිරිය නොකමැති වීමයි. ඔහු නළුවෙක් ද වෙයි. ගම්බද සුන්දරි චිත්‍රපටයේ මුලින්ම රඟපෑවේය.

තම දරුවන් කලා ක්ෂේත්‍රයට යොමු නොකළ බවත්, ඊට හේතුව කලාවට පිවිසීමෙන් දුක් විඳීමට සිදුවීම බවත් ඔහු වරක් කියා තිබිණි.



අදහස් (0)

‘පොසොන් සඳ‘ බැස යයි

සෙන්සා Wednesday, 23 July 2014 02:40 AM

කල අමිල මෙහෙවරට උපහාරයයි!නිවන් සුව ලැබෙිවා!(අ)

:       0       0

නිරාන් Wednesday, 23 July 2014 12:32 PM

කිසිම දිනක රසයෙන් ගුණයෙන් අඩු නොවෙන්න ගීත රැසක් අපට දායාද කළ ඔබතුමාට නිවන් සුව අත් වේවා !! (නි)

:       0       0

චින්තක Wednesday, 23 July 2014 12:35 PM

ඔබතුමාගේ ගීත සදා මේ රටේ රැව් පිළිරැව් දෙනවා. ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 23 July 2014 03:17 AM

බොහොම නිහතමානී සුන්දර මිනිසෙක්. ඔබගේ වියෝව අපට දුකයි. ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

ගයාන් Wednesday, 23 July 2014 03:17 AM

නියම පිරිමි කටහඩක්.......සරල සින්දු.......ට්‍රිප් එකක් ගියත් කියන්නේ මේ වෙනි සින්දු තමා .......නිවන් සුව (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 03:21 AM

ගීත ලෝකයේ තවත් එක සුන්දරවූ පහනක් නිවී ගියා. ඒ පහන සසරේ නැවත දැල් වුවත් නිවන් දොරටුව අසලදී සදා කාලයටම නිවේවා. (නදී)

:       0       0

අසංක Wednesday, 23 July 2014 03:32 AM

ඔබගේ ගීත බොහෝ සේ රස වින්දා. රටක් නලවපු ඔබට නිවන් සුව ලැබේවා ! ඔබගේ ආත්මයට දෙවියන්ගේ කරුණාව ලැබේවා ! (නදී)

:       0       0

චින්තක Wednesday, 23 July 2014 03:36 AM

මෙතුමන් ගැයූ ගීත තවත් කාලාන්තරයක් පවතීවි. අද ඇසෙන්නේ ගීත නොවෙයි, එකම ඝෝෂාවක්.මේ රටේ ගීත රසය දන්නා රසිකයන් පිනවූ ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 23 July 2014 03:37 AM

මල් මාල ගොතා, සුමිහිරි දෙතොල අයා, ඉඟ සුඟ නලවාලා යන ගීතත් තවත් ගීත රැසකුත් මෙතුමා ගායනා කළා (නි)

:       0       0

අජන්ත Wednesday, 23 July 2014 03:37 AM

මා ඔබට නිවන් සුව නොපතමි, ඒ ඔබ අප අතර නැවත ඉපදිය යුතු නිසාය. ඔබට සුව නින්දක් ලැබේවා! (නි)

:       0       0

ධම්ම Wednesday, 23 July 2014 03:58 AM

ඔබට නිවන් සුව ලැබේවා ! (දිල්)

:       0       0

සමන්ති Wednesday, 23 July 2014 01:35 PM

මෙයා දුව සමගත් සින්දු කිව්වා . (අ)

:       0       0

කිත්සිරි Wednesday, 23 July 2014 04:20 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රජින්ද Wednesday, 23 July 2014 04:37 AM

නිර්වාණ සුවයෙන් සැනසේවා...!!! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:14 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 23 July 2014 05:43 AM

මියුරු ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට එක්කළ අමරණීය ගායකයෙකි. නමුත් අද එවැනි ගායකයන්ගේ ගීත අසන්නට ලැබෙන්නේ නැහැ. එය අවාසනාවකි! (නි)

:       0       0

රේණුක Wednesday, 23 July 2014 05:57 AM

කලාකරුවාණෙනි, ඔබ කළ සේවයට තුති. සමාදානයේ සැතපේවා! (නි)

:       0       0

අරුණ Wednesday, 23 July 2014 06:02 AM

සහෘදයාණනි, ඔබ අමරණීයයි.මොක් සුව පතමි ! (නි)

:       0       0

අබේරත්න Wednesday, 23 July 2014 06:21 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

නස්රුදීන් නිසාම්ඩීන් Wednesday, 23 July 2014 06:30 AM

සිරිපාදේ සමනළ කන්ද පෙනේ. මම තාමත් කැමතියි ඒ සින්දුවට (නදී)

:       0       0

නුවන්සර Wednesday, 23 July 2014 06:43 AM

අපට ගැලපෙන රිද්මයකට ගී ගායනා කල ඔබ කිසි දිනෙක හින්දි කොපි ගීත ගායනා කිරීමට උත්සාහවත් නොකළේය. අද අපට ඇහෙන සංගීත ගායනා අප මතකයේවත් රැඳෙන්නේ නැතිවා මෙන්ම, ඇතැම් විට ඒවා ගායනා කරන අයටවත් දෙවන වර ගායනා කිරීමටත් නොහැකි බව පෙනේ. එ්ත්,ඔබගේ ගීත අපට තාමත් වින්දනය කල හැක... ගායකයාණනි....ඔබට මොක්සුව.....! (නදී)

:       0       0

සුනිල් Wednesday, 23 July 2014 06:59 AM

ඔබතුමා වගේ විශිෂ්ට ගායකයන් ලබන්න මේ රට තවත් වාසනාවන්ත නැහැ. (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 23 July 2014 07:02 AM

රටට බිහිවුණ වටින මිනිසෙක් අහිමිවීම දුකක්. නමුත් සියලු දෙයක්ම අනිත්‍ය බව පරම සත්‍යයක්. ඔබේ සුමධුර ගීතයන්ගෙන් අප මන්මත් කළාට පින්. ඔබට සුගතියකම උත්පත්තිය ලැබේවා! (නි)

:       0       0

සෑම් Wednesday, 23 July 2014 07:10 AM

ඔබ ගීත දහස් ගණනක් ගැයුවේ නැතිවුණාට ගැයූ ගීත කිහිපය සදාකාලිකව අපේ මතකයේ තිබෙනවා.ඔබට නිවන් සුව. (නි)

:       0       0

කමල් හසන් Wednesday, 23 July 2014 07:37 AM

ක්‍රිස්ටෝපර් පෝල් මෙයාගේ මල්ලි නේද? (නදී)

:       0       0

රුවන් Wednesday, 23 July 2014 07:46 AM

එක යුගයක් එකලු කල විශිෂ්ට මනුස්යෙක් ! ඔබ තුමන්ට නිවන්සුව ! (නදී)

:       0       0

දම් Wednesday, 23 July 2014 08:31 AM

මහතාණෙනි ඔබ කල සේවයට අප ණය ගැතියි. ඔබට සදා සැනසුම ලැබේවා ! (නදී)

:       0       0

රීටා Wednesday, 23 July 2014 09:03 AM

මේ ගීත ලංකාදීපේ දැක්කම තමා ගායකයා කවුද කියල දන්නේ. සමාවෙන්න එහෙම කීවට මහත්මයෝ. අපි අන්දුන් කුද්න්දුන් වෙන තරමට ගීත හොරු වැහි වහලා. ගීයේ අයිතිකාරය කවුද මුල් ගායකයා කවුද කියල හිතා ගන්ට බැරි වෙන තරඟ තක්කඩි හොරු වැහි වහල. (නදී)

:       0       0

ශීලා Wednesday, 23 July 2014 09:04 AM

ඔබ මිය ගියේ නැත මහත්මයෝ. ඔබ මිය යන්නෙත් නැහැ. ඔබ මිය යන්න නම් ඔබේ ගීත අපෙන් අමතක වෙන්න ඕන. ඔබ අමතක වෙන ගීත ගයලා නැහැ මහත්තයෝ. ඒ නිසා ඔබ අමරණීයයි. (නදී)

:       0       0

සේන Wednesday, 23 July 2014 09:09 AM

මේ රටේ මිනිස්සුන්ගේ කාලකන්නි කමක මහත කියන්නේ මේ මහත්තය ඉංග්‍රීසියෙන් ගයපු ගීත අපි කවුරුත් කවදාවත් අහල නැති කම. කාගේද වරද. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 July 2014 06:35 PM

ඔබට නිවන් සුව ! (නි)

:       0       0

මානගේ Tuesday, 22 July 2014 06:43 PM

අතීතයේදී දෙසවන් පිනු ගායකයෙක්.තවමත් විනෝද ගමනක් යද්දී නොවරදවා ගායනා කරන ගීත සමුහයක් මෙතුමා අපට දායාද කළා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුමුදු ඩයස් Thursday, 24 July 2014 03:37 AM

නිවන්සුව ලැබේවා ! (නදී)

:       0       0

රුහුණු Tuesday, 22 July 2014 08:05 PM

මහත්මයාණෙනි, ඔබට අමාමහා නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 23 July 2014 09:52 AM

සදා නොමැකෙන නමක් තැබු ගායකයෙක්. මුදල් පස්සේ දිව්වේ නැහැ. ඔබට නිවන් සුව පතමි. ඔබේ ගීත හැමදා හදවත් වල රැව් දේවි (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 22 July 2014 10:10 PM

මෙන්න ඇදහිය යුතු ගායකයෝ... කටහඩයි සිංදුවල අරුතයි දෙකම වටිනවා.මේ අය මියගියත් මෙයාලගේ සින්දු මියයන්නේ නැහැ.මේ අය හැකියාවෙන් ආ අයයි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:15 PM

ඔබතුමාට නිවන් සුව පතමි! (නි)

:       0       0

සමන් Wednesday, 23 July 2014 01:08 AM

මට මතකයි මම කුඩා කාලයේ ඔබතුමාගේ සින්දු ගුවන් විදුලියෙන් බොහෝ රස වින්දා. නමුත් අද පරපුරේ බොහෝදෙනාට ඔබගේ සින්දු රසවිඳින්නට ලැබුණු අවස්ථාව අඩුයි. (නි)

:       0       0

රූපා Wednesday, 23 July 2014 01:46 AM

ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 255 2

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 224 2

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 414 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 648 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1498 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 332 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1411 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1612 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 421 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site