හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
2014 මාර්තු මාසයේ සන්ධාන අපේක්ෂකයකුට පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගත්තායැයි ඔහුට එරෙහිව පැමිණිලි කැරඇත.
ගිය වසරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ බැලීමට ගිය අවස්ථාවේ පිස්තෝලයක් ගෙනවිත් තර්ජනය කිරීමේ සිද්ධියට ඔහු සම්බන්ධ වී සිටියි.
සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණ ඔස්සේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිස්තෝල පුරපති අත්අඩංගුවට
ජේමීස් බන්ඩා Wednesday, 29 April 2015 06:23 AM
ඔහු ගෙන් නගරයට සේවයක් වී ඇති බවද සැලකීය යුත්තකි (ම)
අභීත Wednesday, 29 April 2015 06:31 AM
කෝ අර ගුරුවරිය දනගස්සපු එකා? (බ)
යහම්පත් Wednesday, 29 April 2015 06:31 AM
මට මතකයි මෙයාගේ නැටිල්ල සංදර්ශනය , පසු ගිය රජය කාලේ , නිතිය අතට ගෙන නිතිය කියන්නේ තමා කියා සිතා සිටි , මැර බලය පාතාලය සමග ජිවත් වූ කෙනෙක් (බ)
තුෂාර Wednesday, 29 April 2015 07:07 AM
දැන් ඉතින් මෙයත් ලෙඩ වෙයි.(හේ)
අනුර Wednesday, 29 April 2015 07:46 AM
බලය සැමදා නොරැදේ බලය නොමැතිදා අසරනවේ හැම දෙයක් ගැනම උපේක්ෂා සහගතව සිතීමෙන් හරිමග ගමන් කළ හැක. (බ)
හෆීල් Wednesday, 29 April 2015 08:59 AM
මෙයා සෙල්ලම් ළමයා. පොලීසිය ඇතුලෙත් සෙල්ලම් කරාවී. (බ)
කසුන් එංගලන්තය Wednesday, 29 April 2015 11:00 AM
සෙල්ලම් නගරාධිපතිට හොඳ වැඩේ. අර ගුරුවරුන්ව දන ගස්වපු හරකට මොකද කරන්නේ. (බ)
චමිලා Wednesday, 29 April 2015 12:12 PM
දැන් ඉතින් කළ පවු වල විපාක ගෙවන්න වෙනවා.(හේ)
සඳුන් Wednesday, 29 April 2015 04:14 AM
පළිගැනීමක් කියල පාරට බහිමු. (බ)
ශාමන්ත Wednesday, 29 April 2015 04:20 AM
ඉතා හොඳ වැඩක්, අනාගතයේ මෙවැනි දේවල් සිදු නොවීමට.(බ)
වැකෝ Wednesday, 29 April 2015 04:27 AM
පොලිසිය මෙතරම් අසරණ මොකද ? (බ)
සෑම් Wednesday, 29 April 2015 04:50 AM
සෙල්ලම් පිස්තෝලෙන් වැඩ පෙන්නුවා නම් දැන් සෙල්ලම් ගෙදර සෙල්ලම් බත් කාල එන්න. (බ)
ගමගේ Wednesday, 29 April 2015 05:05 AM
සෙල්ලම් පිස්තෝලයත් එක්කද අත්අඩංගුවට ගත්තේ? හම්බන්තොට ඉන්න මගේ යහලුවෙකුට කියන්නම් සූප්පුවකුයි කිරි බෝතලෙකුයි පොලිස් කූඩුවට ගෙනිහින් දෙන්න කියල. පව්. පොඩි එකාගේ නැපිය මාරු කරලත් නැතුව ඇති. (බ)
සමීර Wednesday, 29 April 2015 05:06 AM
මෙයා මේ සෙල්ලම් පිස්තෝලයක් අරගෙන කරපු පොඩි සෙල්ලමක් නේ පවු පළිගන්න එපා (බ)
නිමල් ලාලිත Wednesday, 29 April 2015 05:12 AM
පොලිසිය අසරණ වන්නේ පාදඩ දේශපාලනය නිසයි. මේගොල්ල වගේ අයට ඡන්දය දෙන ගැතියන් එයට වගකිව යුතුයි. වරද පොලිසිය අතේ නොව පාදඩ දේශපාලනේ (බ)
ධම්ම Wednesday, 29 April 2015 05:16 AM
පොලීසියේ නිලධාරීහු ද මනුෂ්‍යයෝය.(බ)
ඉමේෂ් Wednesday, 29 April 2015 05:26 AM
වතුර බෝතලයක් ද දන්නේ නැහැ අතේ තිබ්බේ. (බ)
දුමින්ද Wednesday, 29 April 2015 05:29 AM
පරණ කුණු රෙදි අලුත් ලොන්ඩරියට (බ)
මැටිපහන Wednesday, 29 April 2015 06:10 AM
මෙතන කමෙන්ට් දැකල මට හිනාව වවා ගන්න බැරුව ගියා, ඔෆිස් එකේ කට්ටිය බලනව මොකද මේ කියලා. (ර)