IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පීසීට තග දැමූ නීතිඥවරයා සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක්

(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බව පවසමින් පොලිස් කොස්තාල්වරයකුට අශෝබන ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.

එම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා නිවාස තුනකට ගියද ඔහු සොයාගැනීමට හැකි නොවූ බවත් ඔහු අධිකරණය සහ පොලිසිය මගහරිමින් සිටින බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඔහු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවය.

අධිකරණ සංකීර්ණයට පැමිණෙන බන්ධනාගාර බස් රථයකට ඉඩ ලබාදීම සදහා නීතීඥවරයකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් ඉවතට ගැනීමට යාමේදී අදාල නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර ඇතිබූ බහින් බස්වීමක් ඉකුත් දා ඇතිව තිබුණි.

 



අදහස් (7)

පීසීට තග දැමූ නීතිඥවරයා සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක්

tissa Tuesday, 14 October 2025 06:12 PM

නේපාලයටවත් පනීද දන්නේ නැහැ.

:       0       2

කව්ද බෝයි Tuesday, 14 October 2025 06:46 PM

පීසීට තග දාන ගමන් එන්න කියපු ඩීඅයිජී හරි ඇමති හරි එයාගේ ගෙදරට එනකල් බලං ඉන්නවා ඇති.

:       0       1

Prabash Tuesday, 14 October 2025 07:42 PM

මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටි නීතිඥ මහත්තයා තම සේවා දායකයා හැංගිලා නෑ... ඉදිරිපත් කරන්නම් කියලා නොතීසියත් බාර අරන් තිබුණේ... එයා ඉන්න තැන ඒ මහත්තයා දන්නවානේ. පොඩ්ඩක් අහලා බලන්නකෝ...

:       0       4

ප්‍රියා Tuesday, 14 October 2025 08:19 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ...

:       0       2

Rata Perata Wednesday, 15 October 2025 12:44 AM

හැංගිලා ඉන්නවනම් දේපළ රාජසන්තක කරන්න. මුන් කොහොමත් ඕවා මිනිස්සුන්ගේ ගින්දරින් හම්බකරපුවා නේ.

:       1       12

Bunny Preena Wednesday, 15 October 2025 09:15 AM

බැරිවැඩ නොකර හිටපන්; "අබරෝ" කියලා කියන්නේ ඒවගේ අයයි.

:       0       9

ගමේ එකාලා Wednesday, 15 October 2025 02:57 PM

විරයෙක් වගේ කෑගැහුවට දැන් බයේ හැන්ගිලා?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site