IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පීසී/ග්‍රාමාරක්ෂක හොඳ වැඩක් කරති

මහමග වැටී තිබූ 8755ක මුදල් පසුම්බියක් අයිතිකරු සොයා බාර දුන් ගාල්ල වාරාය පොලීසියේ කොස්තාපල් කේ කේ ජීවන් මහතාගේ අවංක හා ආදර්ශවත් ක්‍රියාව අගය කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී බන්දුර බෙරේරා මහතා ඔහු සේවය කරන ගාල්ල වරාය පොලීසියටම ගොස් ඔහුට ස්තුති කර බුදුපිළිම වහන්සේ නමක් ද තෑගි කළේය. තිරප්පනේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අසල වැටී තිබූ රුපියල් 2500ක මුදල් පසුම්බියක් හැඳුණුම්පත ඇතුළු ලියවිලි සමග අහුලා ගත් සිවිල් ආරක්ෂක බළකා සෙබළ ඩබ්ලිව් ගුණරත්න එය අයිතිකරු වන තිරප්පනේ රංජිත් කරුණාරත්න දුන්නේය.



අදහස් (0)

පීසී/ග්‍රාමාරක්ෂක හොඳ වැඩක් කරති

පද්මා Thursday, 22 November 2012 01:28 PM

සන්තෝසයි....

:       0       0

සෑම් Thursday, 22 November 2012 07:13 PM

8755ක් කොස් ඇටද? ඩොලර්ද? පවුම්ද? (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 01:49 PM

පොලිස් කාරයො නෙමෙයි පොලිස් නිලධාරීන් කියලා කියන්න (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 02:22 PM

මෙවැනි ක්‍රියාවක් දුටු තැන අද සමාජයට එය පුදුම දෙයක්. මන්දයත් අද සමාජයේ මෙවැනි යහපත් ක්‍රියාවන් විරළ බැවිනි. එදා තිබුණ දේ අද සමාජයෙන් තුරන් වෙමින් පවතී. (නි)

:       0       0

ජයන්ත Thursday, 22 November 2012 02:21 PM

වරුණ, චානක මමත් එකඟයි (ස)

:       0       0

අචිනි Thursday, 22 November 2012 03:14 PM

ඒ මනුස්සයාගේ වැටුප කීයකින් හරි වැඩි කළා නම් නේද හොද? (නි)

:       0       0

සංජේ Thursday, 22 November 2012 10:28 AM

හොඳ වැඩ වල ප්‍රතිවිපාක ලෙස කර්මය අනුව හොඳ දේවල් ආපහු ලැබේ. ඇත්තටම ඇත්ත කතාවක් නම් මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චින්තක Thursday, 22 November 2012 10:36 AM

මේ වගේ අය මතු සංසාරෙ මා ධනපතියො වෙලා ඉපදෙනවා - හොරු දුප්පත් වෙලා ඉපදෙනවා - මහජන දේපල සොරාගත් අය ආබාධිත හිඟන්නො වෙලා ඉපදෙනවා කියල බණපොතේ තියනවා...(නු)

:       0       0

නදී Thursday, 22 November 2012 10:59 AM

මෙවන් අවංක මිනිසුන් අපේ රටේ තවම ඉන්න එක ගැන සතුටුයි. (නි)

:       0       0

ජනක Thursday, 22 November 2012 11:05 AM

අනේ හොඳයි (ස)

:       0       0

වරුණ Thursday, 22 November 2012 11:17 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද .............(ස)

:       0       0

චානක Thursday, 22 November 2012 11:16 AM

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් තවමත් ඉන්නවා. (නි)

:       0       0

චන්ද්‍රපාල Thursday, 22 November 2012 04:11 PM

හඳ පිරි ස්තූතිය පිළිගන්න. ඔබ දෙපල රටට ආදර්ශයක් (ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 22 November 2012 12:01 PM

අපරාධ, මිනීමැරුම් ගැන හැමදාම අහන අපිට මෙහෙම දෙයක් ඉදලා හිටලා හරි අහන්න ලැබෙන එක හිතට සතුටක්. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 22 November 2012 04:51 PM

ගාල්ලට ආඩම්බර විය හැකි දේවලුත් අහන්න ලැබෙනවා එහෙනම්! බොහොම සන්තෝෂයි, ඔබ දෙදෙනා ගැනම. (නි)

:       0       0

ජෝස් Thursday, 22 November 2012 05:24 PM

මොනවා වුණත් හිතහොද අවංක රාළහාමි කෙනෙක්. ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site