IMG-LOGO

පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි



(සුජිත් හේවාජුලිගේ)

විදුලි සැර වැදීමෙන්  සිදු වූ මරණ පන්සිය පනහක් පසුගිය වසර පහේදී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම පවසන අන්දමට ගිය වසරේ දී පමණක්  විදුලිසැර වැදීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 120කි.

විදුලි සැර වැදීමෙන් සිදුවූ මරණ වලින් සියයට හතළිහක් පමණ වගා ආරක්ෂාව සතුන් මැරීමේ ආදී කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඇද තිබූ අනවසර විදුලි රැහැන් හේතුවෙන් සිදුව ඇති බව පවසන කොමිසම එම මරණ වැඩි සංඛ්‍යාවක් මහනුවර සහ බදුල්ල දිසික්කවලින් වාර්තා වී ඇතැයිද සඳහන් කරයි.

පසුගිය වසර කිහිපය හා සංසන්දනය කිරීමේදී විදුලි මරණවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මහජනතාවගේ නොදැනුවත්භාවය, නිෂ්පාදන හිඟකම, විදුලි වැට ස්ථාපනවල ප්‍රමිතියේ ඇති අඩු ලුහුඬුකම්  සහ නීතිය බලාත්මක කිරීම හා සම්බන්ධ දුෂ්කරතා  විදුලි මරණ වැඩිවීමට  බලපා ඇති කාරණා බවද කොමිසමට පෙනී ගොස් ඇත.

මේ තත්වය හේතුවෙන් විදුලි මරණ අවම කර ගැනීම සඳහා මහජනතාවගේ සහ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් උපදේශන සැසි පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.



අදහස් (0)

පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 534 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 704 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site