IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පසුගිය වසර කිහිපයේ පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පසුගිය අවුරුදු කීපය ඇතුලත පොලිස් භාරයේ හිටපු පහළොස් දෙනෙක් මරා දමා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(20)පැවසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම යුරෝපා මානව හිමිකම් කවුන්සිලයේ  දීර්ඝව කතා කර තිබෙන බව කී කිරිඇල්ල මහතා මෙි පොලිසිය ගැන ලංකාවේ පමණක් නොව  ජාත්‍යන්තරයේත් විශාල කලකිරීමක් තිබෙන බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා පැවැසූයේ 

මේ වන විට දකුණු පළාතේ පොලිසියට විමර්ශන කටයුතු පවත්වන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවයි.පොලිසියේ  අයි.පී කෙනෙක් මරා දමා තිබෙන්නේ යැයිද  දකුණේ ඉන්න බෑ කියමින් පොලිසියේ බොහෝ දෙනෙක් ස්ථාන මාරු ඉල්ලන අතර පොලිසියට ජීවිත තර්ජන කරමින් ඩුබායි  සිට කෝල් එනවාලු "යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පිලිපීනයේ හිටපු ජනපති පාතාලයට කරපු දේ නිසා අද පිලිපීනය හැදී  තිබෙන බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා දකුණේ පුදුම භීෂණයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් කතා නොකරන්නැයි පැවසීය.

 



අදහස් (7)

පසුගිය වසර කිහිපයේ පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා ‘

රංබොඉ Friday, 20 October 2023 04:04 PM

මේ මනුස්සයා මොනවා දොඩනවද දන්නෙ නෑ. මුළ එකක් අගින් වෙන එකක්. කොටි යුද්ධය කාලෙත් ඔහොම ම තමයි. හැක හැක ගානව මිසක යථාර්ථවාදී ව රටට යහපත් වෙන දෙයක් කියන්නෙ නෑ.

:       1       8

සමන් විමල් Friday, 20 October 2023 07:56 PM

ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු වෘෂභයා නේ.

:       0       0

අබිලින් Friday, 20 October 2023 06:02 PM

තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී තිබෙන බලතල ක්‍රියාත්මක කර ජනතාව බේරගන්න ශක්තිමත් ජනාධිපති කෙනෙක් නැතුව රට හදන්න බැහැ කියලා හිතෙනවා... රටේ එකෙක් දෙන්නෙක් කරන නොහොබිනා වැඩ නිසා දහස් ගණනක් දුක් විඳිනවා.. එහෙම සුලු පිරිසෙන් එකෙකුට දෙන්නෙකුට දඬුවමක් දුන්නොත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියනවා... හරියට පීඩාවට පත්වෙන දහස් ගණනක් අයගේ මානව හිමිකම් බලන්න කෙනෙක් නැහැ...

:       0       0

Bamunuarachchi Friday, 20 October 2023 09:20 PM

ඉතින් හොඳයිනේ. පාතාලයෝ මඩින්න තිබෙන එකම ක්‍රමය. පාතාලයෝ රැකගන්න ඕනේ නම් ගෙදර ගෙන ගොහින් තියාගන්න. ජනතාව හැටියට අපේ බදු මුදල් ඔවුන්ව රකින්න වුවමනාවක් නැහැ. දුටු තැන මරා දැමුවත් අපිට කමක් නැහැ.

:       0       6

මොට්ටපාල Saturday, 21 October 2023 06:43 AM

පොලිස් භාරයේ සිටි එහෙම මිනිස්සු සමාජ ගතව සිටිද්දී එවුන් අතින් කොපමණ විනාශයක් හා මිනිස් ජීවිත කීයක් අහිමි වෙන්න ඇද්ද? ඇත්තටම මේරටේ පිරිසක් වැරැදිකරුවන්ට පක්ෂපාත වෙනවා හිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිනවා... නමුත් වින්දිතයින්ට සහනයක් ගැන කවුරුත් කතාවක් නැහැ නේද?

:       0       1

Nimal Saturday, 21 October 2023 09:25 AM

කවුරුවත් කලබල වෙන්න දෙයක් නෑ. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි මේ වගේ මිනිස්සු දිගටම පාර්ලිමේන්තු ගේන්නේ?

:       0       3

Hemantha Saturday, 21 October 2023 10:51 AM

දුක නම් ගෙදර එක්කන් ගිහින් පරිස්සම් කරගන්න....!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site