
(ජේ.කේ.එල්. චාමින්ද)
ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
2022/2023 මුල්‍ය වර්ෂය තුල ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාදා කිරිම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් 784,000ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි
එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.
මෙකි ගැටළු විසදිම සදහා බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බැව් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ 2023/2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
564
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා
Lalla Thursday, 09 January 2025 10:45 AM
සාමාන්‍යයෙන් පරක්කුයි කියලා තේරිලා ද දන්නේ නෑ මුලදීම ඔය විදිහට කෝඩ් එක දුන්නේ. කව්ද කැමැති වෙලාවට නැති ගුවන්යානයක යන්න. මටත් එක වරක් පැය 22ක ප්‍රමාදයකට මුහුණ දීමට වුණා. විදේශ රැකියාවකට වාර්තා කරන මුල් දිනයේ. වෙලාවට ඒ ආයතනය හොඳ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ...
Bunny Preena Thursday, 09 January 2025 11:06 AM
මාලිමා රජය එවැනි වැරදි සහ අඩු පාඩු සිදු නොවන ලෙසට වග බලා ගත්තොත් හොඳයි.... එහෙම නැතිනම් වෙනසක අරුමය අපට වටහා ගන්ඩ බැරි වෙයි
weerasiri Banda Guest banda Thursday, 09 January 2025 11:23 AM
"ඕක ශ්‍රී ලංකා ඩෝ එයාර් කියා නම දාන්න මගේ බුකින් එකක් ෆ්ලයිට් කැන්සල් කරලා මගේ 50% TAX කපුවා. ශ්‍රී ලංකන් ඩෝග් එයාර් ලයින්."
lankaputha Thursday, 09 January 2025 04:35 PM
2023 දෙසැම්බර් 30 මම මගේ පොඩි ළමයි දෙන්න එක්ක Melbourne යන්ඩ රෑ 12:30 ticket අරං තිබුනේ. 9:00 ඉඳන් කටුනායක. 10:30 පරක්කුයි කියල බෝඩ් එකේ දැම්මේ. ශ්‍රී ලන්කන් office එකට ගිහිං කිව්වම අහනවා E - Mail කෙරුවලු 8:30 ට. පැය 7ක් බැංකු උඩ නිදාගෙන හිටියේ. මුන් දුන්න පාන් පෙති දෙකයි, මෙලෝ රහක් නැති සෝඩා ටිං එකයි. ඕකට තමයි ඔය මිලියන ගානක් ගෙවල තියෙන්නේ. ප්ලේන් එකේ කන්ඩ දෙන්නෙත් මෙලෝ සතෙකුට කන්ඩ බැරි කෑම