(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (5) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු විවාදය දින තුනක්
බද්රානි Friday, 05 April 2024 06:58 PM
නිකම් බොරුවට කාලය නාස්ති නොකොට අර සිරිසේනගෙන් මහමොලකරුවෝ ගැන අහලා දැනගත්තා නම් ඉවරයිනේ... පාස්කු ප්‍රහාරය කල එවුන්ට විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරය අනුමත කළ එවුන්ටත් "පාස්කු ශාපය" ඵල දුන්නා. අනෙක් අයට ඵලදෙන්න පටන් අරන් ඉවරයි. ඒ ශාපයෙන් මොවුන් නැති භංගස්ථාන වෙලාම යනවා.. ඒ මළමිනිසුන්ගේ ලේ වල ශාපය මොවුන්ට සසර පුරාවටම පඩිසන් දෙනවා. එහෙම නැත්නම් ඉතින්, ඒ ආගමත් බොරු...?
Asanga samantha Sunday, 07 April 2024 10:28 AM
පාස්කු ප්‍රහාරය... පාස්කු ප්‍රහාරය... ලංකාවේ මේක විතරමද වුනේ...? බෞද්ධ සිද්ධස්ථාන කීයකට ප්‍රහාර කරාද? ඒවාට එකෙක් කතා කරනවාද? අහින්සක මිනිසුන් මැරුණු එක අපිට කණගාටුයි තමයි.