IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා

(යොහාන් භාසුර)

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ගෝඨාභය ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහත්මයා ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.

නිලන්ත ජයවර්ධන මහත්මයා ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහත්මයා ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම වැරදට නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.

 



අදහස් (4)

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා

ගුණරත්න Sunday, 20 July 2025 10:25 PM

හම්මේ, එතකොට ලියුම මෙසේ උඩ තියන් මොකුත් නොකර හිටි එකා බබා?

:       1       8

Harimanis Monday, 21 July 2025 09:04 AM

කාදිනල් මේ ප්‍රශ්නයට මෙච්චරම දඟලන එක හොඳයි .

:       1       3

MDO Monday, 21 July 2025 10:25 AM

ඡන්ද අල්ලස් දීම හා ගැනීම සම්බන්ධයෙන් අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාව සහ ජනපති ප්‍රධාන ඵම කර්තව්‍යයට ‌සම්බන්ධ සියලුම රජයේ මැතිඇමතිවරු වගේම රාජ්‍ය නිලධාරීන්ට වහාම අල්ලස් කොමිසම අදම ඔවුන්ට විරුද්ධව නඩුපවරා අදම අත් අඩංගුවට ගන්න.මැතිවරණ කොමසාරිස් දැනුවත් කරන්න.

:       3       9

යෝගා Monday, 21 July 2025 11:34 AM

තමන් වෛර කරන කෙනා තමයි මහ මොළකරු කියලා ඔප්පු කරගන්න නොකරන බලු වැඩක් නෑ. කවුරු පත්කර ගත්තත්, බොරු සාක්කි හැදුවත් ජයගන්නේ සත්‍ය විතරයි හලෝ. පොඩ්ඩක් තේරුම් ගන්නවලා.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 444 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site