IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හැංගු අයට දඬුවම් ඕනෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වසන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) ඉල්ලීමක් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කරන්නැයිද ඉල්ලීමක් කරන බව ඔහු සඳහන් කළේය.

ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

හිටපු ජනාධිපතිතුමා තොරතුරු දැනගෙන වසන් කළ පුද්ගලයන් කවුද. දැන දැන මේ තොරතුරු වසන් කර තිබුණාද. මේ කරුණු හෙළි නොකරන්නේ මන්ද. තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද. මේ ප්‍රශ්නයට අදම පිළිතුරක් ඕන. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව 2019 ඉඳලා පිළිතුරක් බලාගෙන ඉන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන්  සභා වාර්තා ගණනාවක් නිකුත් වෙලා තියෙනවා. රජය මේ පිළිබඳ තොරතුරු වසන් කරනවා. ජනාධිපතිතුමා කිව්වා ජාත්‍යාන්තර පරීක්ෂණයක් කැඳවනවා කියලා. තවම ඒ පරීක්ෂණය නැහැ.

සභානායක සුසිල් ප්‍රේම ජයන්ත මහතා:

මේ කටයුත්ත අධිකරණයට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපහසුවක් තියෙනවා. එදා ඔබලා ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. ඒ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා:

ඔබලා බලයට ආවේ සාධාරණය ඉෂ්ට කරනවා කියලා. කෝ ඒ පොරොන්දුව ඉටු කළාද.



අදහස් (2)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හැංගු අයට දඬුවම් ඕනෑ

චන්දිම Monday, 01 April 2024 12:18 PM

මේ ඔය කියන මොළකාරයා අර මොළ එකකට වඩා වැඩියෙන් තියෙන කෙනෙක් හින්දද මේ කට්ටිය මේ නිකම් ඇඹරි ඇඹරි එහෙට මෙහෙට පැන පැන කට්ටි දදා මග හැර හැර ඉන්නේ? බැරි වෙලාවත් මිනිහා එයා නම් මාර කෙලියක් තමයි වෙන්නේ.

:       3       9

Bamunuarachchi Thursday, 04 April 2024 06:31 AM

බොල ඕක හංගන්න දෙයක් නැහැ ලිඛිත ශාක්ෂි සමග මම මහමොල කරු කව්ද කියා කියන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site