(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතු බවත්, නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බියවිය යුතු නැති බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී අද (21) පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරය සිදුවී මාස 40 ක් අවසන් වුවත් එයට මෙතෙක් යුක්තිය ඉටුව නැතැයි ද කාදිනල්තුමෝ කීහ.
පවුකාර ආශාවන් නිසා ජීවිත අඳුරු වන බව කී කොළඹ අගරදගුරුතුමෝ සාර්ථකවීම යනු ධනය බලය දිනාගැනීම නොවන බව ද පැවසූහ.
අවුරුදු 75 ක් පුරා රට තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව රට තුළ නොබෝදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත්, සමාජීය වෙනසක් ඇතිකිරීමට නම් සියලු දෙනා ජීවිත වෙනස් කරගත යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කීහ.
ධර්මිශ්ට සමාජයක් ඇති කරන බව කියමින් බලයට ආ නායකයන් කණ්ඩායමක් පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය ඇති වූ බවත්, ආසියාවේ ආශ්චර්යය කරන බව කී කාලයේ විශාල කුලුනක් හදාගෙන ඇති බවත්, සෞභාග්‍ය කී කාලයේ මිනිස්සු මිලියන හයකට කන්න තිබෙන්නේ එක වේලක් බවක් කී අගරදගුරුතුමෝ එම ක්‍රම වෙනස් විය යුතු බව ද ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි?
පිටිගල මිලානෝ Sunday, 21 August 2022 05:25 PM
ඒ අය අහුවන නිසා…..
විපරමා Sunday, 21 August 2022 06:12 PM
බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ පාස්කු ප්‍රහාරය පිටුපස්සෙ ඉන්නේ ? බල තණ්හාවෙන් කටයුතු කරපු දූෂිත නායකයා කවුද කියලා ලෝකෙම දන්නවා .නීතියෙන් කෙසේ වෙතත් ස්වබාව දර්මයෙන් හෝ දන්ඩුවම් ලැබෙයි .
චන්දන Sunday, 21 August 2022 06:52 PM
පාස්කු ප්‍රහාරය වවාගෙන කන්න පිරිසක් ඉන්න බව දැන්නම් පේනවා...