IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

තවත් නිවාස 11 ක ඉදිකිරීම් අරඹා ඇතැයි ද අමාත්‍යවරයා කීය.නිවාස 223 ක් ඉදි කිරීම සඳහා   රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි. 

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි.  කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට නිවාස ඉදිකිරීම සඳහා පමණක්  රුපියල් මිලියන 90.855 ක් වැය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු  ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 9 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

 ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය. 



අදහස් (10)

පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි

බද්රානි Monday, 29 April 2024 02:09 PM

පාස්කු ප්‍රහාරයෙන් මිය ගියේ ගෙවල් දොරවල් නැති හිඟන්නෝ නොවෙයි... මළ මිනී මතින් කරන මේ තක්කඩි දේශපාලනය තරයේ හෙළා දැකිය යුතුයි... මැරුණු අයගේ කිසිවෙකුගේ නිවාසයකට හානි සිදුවුයේ නැත්නම් මොකටද නිවාස දෙන්නේ... ප්‍රහාරයෙන් සදාකාලිකව ආබාධිත වුවන්ට මාස් පතා හොඳ දීමනාවක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ලබා දීමයි කල යුත්තේ...තක්කඩි දේශපාලුවන් මේකත් ඔවුන්ගේ චන්ද ව්‍යාපාරයට යොදාගෙන... මුන්ට හෙන ගහනවා මේ කරන නොසන්ඩාල වැඩ වලට... ඔය ගෙවලුත් මෙවුන්ගේ හෙන්චයියන්ට තමයි ලබා දෙනවා ඇත්තේ... මහජනතාවගේ මුදල් කොල්ල කන තොපිට ශාප වේවා!!

:       0       31

Bishan Monday, 29 April 2024 02:18 PM

ඇයි ගෙවල් හදලා දෙන්නේ?

:       0       16

Pradeep Anura kumara Monday, 29 April 2024 07:04 PM

කතෝලික සභාවේ ඉල්ලීමක් හා නිර්දේශ අනුව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.ඒ සඳහා කතෝලික සභාව විශේෂ ව්‍යාපෘති ඒකකයක් පවා ආරම්භ කර තිබිණි.වින්දිතයන් තෝරා ගැනීමේ දී එම නිර්දේශ අත්‍යවශ්‍ය විය-.මාධ්‍ය ලේකම් නගර සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ

:       5       0

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 02:20 PM

ගෙවල් හදලා දුන්නට මිය ගිය අයගේ ජීවිත නැවත දෙන්න බැහැ නේද ? සදාකාලික ආබාධයන්ට ලක්වු අයට ඒ ආබාධයන්ගෙන් මුදවන්න බැහැ නේද ? ප්‍රහරයෙක් සිදුවෙන බව දැන දැන එය වළක්වන්න උත්සාහ නොකල අයයි. ප්‍රහාරය සිදු කරන්නේ සැලසුම් කළ අය උදව් උපකාර කළ අය උපදෙස් දුන් අයට දඩුවම් නොකර මේ රට අනාරක්ෂිතයි නොවෙද ? එසේ නොකර ප්‍රහරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු වේද ?

:       0       19

DHARMATILEKE Monday, 29 April 2024 02:50 PM

ඒ අයට ගෙවල් ඕන නෑ කවුද මේ අපරාදේ කෙරුවේ කියලා කියන්න

:       0       12

achini Monday, 29 April 2024 02:54 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් මෙයාලාට

:       0       11

Gamini Monday, 29 April 2024 03:09 PM

මොන වගේ නිවාසද මෙයාලාට හදලා දුන්නේ? ලක්ෂ 5 - 6 නිවාසද?

:       0       7

Tiran Potatoes Monday, 29 April 2024 03:37 PM

ඉල්ලුවේ යුක්තිය, ලැබුනේ ගෙවල්

:       0       10

Pradeep anura kumara Monday, 29 April 2024 07:00 PM

පාස්කු වින්දිතයන්ගේ අවශ්‍යතාවය අනුව ඇතැමුන්ට අලුතින් නිවාස ඉදිකර දී ඇත.තවත් අයගේ නිවාස අලුත් වැඩියාකරදී තිබේ.ඉඩමක් පවා නොතිබුණු ඇතැම් වින්දිත පවුල්වලට ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදි කරදී ඇත.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ කතෝලික සභාවේ ඉල්ලීමකට අනුවය.

:       6       0

Rupe Tuesday, 30 April 2024 05:06 AM

මඩකලපූවේ සියෝන් දේවස්ථානයට එල්ල වූ බොම්ප ප්‍රහාරයෙන් වැඩි හරියක් මිය ගියේ ළමයි තවත් සමහර ළමයි සදා ආබාධිතයි ඔවුන් වෙනුවෙන් මොනවද කලේ...✝

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site