IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකෙරෙන විශේෂ වැඩසටහන අවලංගු කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ.
 
රජය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් කිසිදු ආකාරයකින් ජනතාව රැස් නොකර අනුස්මරණ කටයුතු සිදු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද අගරදගුරුතුමෝ කීහ.
 
කොළඹ අගරදගුරු මන්දිරයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම කරුණු සඳහන් කළහ.
 
ඒ අනුව අප්‍රේල් 21 එනම් ලබන අඟහරුවාදා උදෑසන 8.45ට නිවෙස්වල සිට එම විශේෂ වැඩසටහනට එක්වන්නැයි ද එම වැඩසටහන මෙරට සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන්නේ යැයි ද අගරදගුරුතුමෝ පැවැසූහ.
 
එදින (අප්‍රේල් 21) උදෑසන 8.40ට සියලු කිතුනු දේවස්ථානවල සීනු නාද කරන ලෙස ඉල්ලා සිටි අගරදගුරුතුමෝ හැකිනම් බෞද්ධ විහාරස්ථාන මෙන්ම අනෙකුත් ආගමික ස්ථානවල ද එසේ කරන්නැයි ඉල්ලීමක් කරන බව ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
 
උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවක් පළ කර මරාගෙන මැරුණු ප්‍රහාර මාලාවෙන් දිවි අහිමි වූ සහ විපතට පත්වූවන් සිහි කරන්නැයි අගරදගුරුතුමෝ ඉල්ලා සිටියහ.

ඉන් අනතුරුව උදෑසන 8.47ට පහනක් හෝ ඉටි පහනක් දල්වා මෙවැනි ව්‍යවසනයක් රට තුළ නැවත ඇති නොවේවා යැයි ප්‍රාර්ථනා කරමු යැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කීහ.
 
අවසාන වශයෙන් තමා , භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන් ජනතාව අමතා කරන කෙටි දේශන කිහිපයක් ද සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන අගරදගුරුතුමෝ පැවැසූහ.
 
බෝම්බ ප්‍රහාර මාලාවෙන් රටේ සෑම ආගමකටම අයත් අය සිටින බැවින් මෙය හුදෙක් කිතුනුවන් පමණක් නොව රටේ සමස්ත ජනතාව එකමුතුව ජාතියක් වශයෙන් කළ යුතු අනුස්මරණයක් යැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් කීහ.
 
පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් 259 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 

(ඡයාරුප- ශාන්ත රත්නායක)



අදහස් (3)

පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකෙරෙන විශේෂ වැඩසටහන අවලංගු කරයි

rasika Thursday, 16 April 2020 12:52 PM

පිට රට උදවියත් සිහි කරමු .

:       0       0

de silva Thursday, 16 April 2020 02:39 PM

හිමිපාණෙනි බුද්ධාගම අදහන අපි ඔබ සමගය...

:       261       224

Raveendra Thursday, 16 April 2020 02:48 PM

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් වහන්සේගෙන් අවසරයි !! ඔබ වහන්සේගේ මම තීරණය ඉතාම කාලෝචිත මෙන එය අප හදවතින්ම අගය කරන්නෙමු.මෙම ම්ලේච්ච ක්‍රියාව නිසා ජිවිත අහිමිවූ ඒ ලක්මවගේ දුදරුවන් මෙන්ම විදේශිකයන්ගේ ඥාතින්ට අපගේ බලවත් සෝකය ප්‍රකාශ කරන අතර එනිසා ආබාධිතවූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. තම බලය රැක ගැනුම වෙනුවෙන් ඕනෑම තුප්පහි, මලු ,නිවට ,කැත වැඩ මෙන්ම අහිංසක මිනිසුන්ගේ මිලකළ නොහැකි ජිවිත බිල්ලට දීමට පාදඩ දේශපාලුවන් සැදී පැහැදී සිටිනවා යන්න මෙයත් කදිම උදාහරණයකි. දියවන්න ඔය පට්ටියේ 225 න් කාටවත් මෙම මහා පාපයෙන් බේරීමට නොහැකි බව ප්‍රසිද්ධියේ සදහන් කරන්නෙමු. දැන්නම් තැන තැන කිඹුල් කදුළු හෙලන අතර ඒ ජිවිතවලට නැවත පණ දිය නොහැකි බවවත් එම 225 නොදනී..

:       5       274

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13982 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11090 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site