IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි

දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පුෂ්පා රොවෙල් මහත්මිය අද (28) වැඩ බාරගත්තාය.

වසර 37 ක් පමණ ඇය ලේක්හවුස් ආයතනයේ සේවය කරන්නීය. ලේක්හවුස් හි ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේද ඇය වැඩ කළාය.

කැලණිය සරසවියේ ශාස්ත්‍රවේදී උපාධිධාරිණියක වන පුෂ්පා රොවෙල් මහත්මිය 1977 උප කර්තෘවරියක ලෙස දිනමිණ පුවත්පතට එක්වූ අතර පසුව කර්තෘ මණ්ඩලයටද ප්‍රධාන උප කර්තෘ ධූරයටද උසස්වීම් ලැබුවාය. ඇය 2002 වසරේදී සම කර්තෘ ධූරයට පත්වූවාය.

web-pushpa



අදහස් (0)

පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි

මහින්ද අලුත්ගෙදර Wednesday, 28 January 2015 01:20 PM

වසර 106 ක දිනමිණ ඉතිහාසයට නව පිටුවක් එක්කිරීම සම්බන්ධයෙන් සැබවින්ම ආඩම්බර වෙමි. (නි)

:       0       0

රතුගම Wednesday, 28 January 2015 01:20 PM

උණුසුම් සුබ පැතුම් පිළිගන්න! (නි)

:       0       0

සමන්ති Wednesday, 28 January 2015 02:29 PM

"දිනමිණ" පත්තරයක්ම වේවා . (හේ)

:       0       0

කිඹුලාපිටිය Wednesday, 28 January 2015 03:31 PM

කොච්චර හොඳද? ඉතාම සතුටුදායක පුවතක්. හෙළ කතුන් විවිධ ක්ෂේත්‍රවල උසස් හැකියාවක් පෙන්වන බවට මෙය කදිම නිදසුනක්. අපෙත් සුබ පැතුම් පුෂ්පා රොවෙල් මහත්මියට පුදකරමු. (නි)

:       0       0

මුන්නේශ්වරම් සුපුන් Wednesday, 28 January 2015 04:00 PM

විධායක ජනාධිපතිකම ඉවත්කළාට වඩා ලොකු සතුටක් ඇතිවුණා.දිනමිණ ජනතාවාදි පුවත්පතක් කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සමන්තිකා Wednesday, 28 January 2015 04:25 PM

ඔබතුමියට සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 28 January 2015 04:46 PM

සුබ පැතුම් මැතිණියනි! (නි)

:       0       0

නිමල් රණසිංහ පැරිස් Wednesday, 28 January 2015 05:41 PM

සුබ පැතුම් ඔබතුමියට! වසර 37 ක් මොනතරම් අත්දැකීම් ඇති කෙනෙක්ද? බුද්ධිමත් පාලකයෝ රට කරද්දී දක්ෂයන්ට අනිවාර්යෙන්ම නිසි තැන ලැබෙනවා. (නි)

:       0       0

සරසි Thursday, 29 January 2015 08:08 AM

මම පසුගිය අවරුදු 5 ක් තිස්සේ ලේක් හවුස් පත්තර කියෙව්වේ නැහැ. ඔබතුමිය අපක්ෂපාතිව සේවය කලොත් අපි සියලුම දෙනා කියවන පත්තරයක් බවට දිනමිණ පත් වේවි. පුළුවන් නම් ලංකාදීපය දිහා බලලා ආදර්ශයක් ගන්න. (හේ)

:       0       0

නුවන් Thursday, 12 March 2015 02:40 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

නාගොඩ සමූහ - හේමපාල Wednesday, 28 January 2015 11:47 PM

ඔබතුමියට මගේ සුබ පැතුම්! ග්‍රාමීය පුවත් වලට තව පිටුවක් එකතු කරන්න ඔබතුමියට හැකිවේවා! (නි)

:       0       0

සුනිලා Thursday, 29 January 2015 12:28 AM

අත්දැකීම් ඇති කාන්තාවක් දිනමිණ ප්‍රධාන කතෘ වීම ගැන සතුටුයි.ඇය වෘත්තීය සදාචාරය රැකගනිමින් පාඨකයා උසස් මානසික මට්ටමකට ගෙනඒවි යැයි සිතමි (නි)

:       0       0

රණසිංහ Thursday, 29 January 2015 02:41 AM

ලේක්හවුස් ආයතනය පසුගිය සමයේ තව බොහෝ දේවල් වලින් වාර්තා තැබුවා. එ්වාත් සොයා බලන්න. (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 29 January 2015 02:47 AM

සුදුස්සාට සුදුසු තැන නිතැතින්ම ලැබිය යුතු වපසරියක් සමාජය තුළ මුල්බැස්සවීම සමාජ ප්‍රගමනයට පිටුබලයකි.ස්වාධීනව කටයුතු කරන මෙන් ඉල්ලමි. (නි)

:       0       0

දිනේෂ් Thursday, 29 January 2015 02:55 AM

ඔබට සුබ පැතුම්! නිසි කළමනාකාරිත්වයක් ඇත්නම් කොතරම් ලාබ ලබන්න පුළුවන්, පාඨක රසවින්දනය උසස් කරන්න පුළුවන් තැනක්ද ලේක්හවුස් ආයතනය කියන්නේ? පසුගිය කාලේ නම් ඒක වුණේ නැහැ. වුණ වැරදි හොයලා, ඒවා නැවත නොවෙන්න වගබලාගන්න. (නි)

:       0       0

සේකර Thursday, 29 January 2015 03:08 AM

සුදුසසාට සුදුස තැන ලැබීම ගැන සතුටුයි. මෙවැනි අත්දැකීම් ඇති අයගෙන් අපේ රටට වැඩක් ගතයුතුයි. ලේක්හවුස් ආයතනයේ සාමාන්‍ය පන්තියේ සේවකයින්ගේ සුබසාධනය උසස් කිරිමට කටයුතු කරන්නේ නම් ඉතා අගය කරමි. සේවක පුහුණුවීම්, උසස්වීම් වැටුප් වැඩිවීම් ගැනත් සොයා බලන්න. (නි)

:       0       0

ලලිත් සුබසිංහ Thursday, 29 January 2015 03:14 AM

ඔබත් සමඟ ආයතනයේ වැඩකළ කාලය මතක් වෙනවා. නිහතමානී කෙනෙක් හැටියට නිෂ්පාදන අංශයේ ආදරයට පත්වුණ ඔබට සුබ පැතුම් (නි)

:       0       0

රාජීව Thursday, 29 January 2015 03:40 AM

ඔබටත් සුමනා සපරමාදු, අනුල ද සිල්වා වගේ ලේක්හවුස් ආයතනය බැබලු කාන්තාවන් මෙන් වටිනා සේවයක් රටට කිරීමට ලැබේවා! (නි)

:       0       0

උපුල් Thursday, 29 January 2015 03:51 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site