IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පශු සම්පත් නංවන්න ඉන්දියාව අත දෙයි

 

(අංජුල මහික වීරරත්න)

බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ගෝපාල් බග්ලේ මහතා අදාල එකඟතාවය පළ කර තිබේ.

ඉන්දියාවේ නවදිල්ලිහි දී පෑවත්වෙන The First Global Conference on International year of Millet සම්මන්ත්‍රණය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර එහි දී ඉන්දියාවේ ප්‍රමුඛ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Mother Dairy කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

දිනකට කිරි ලීටර් ලක්ෂ 50ක් පමණ මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කරයි.

 



අදහස් (2)

පශු සම්පත් නංවන්න ඉන්දියාව අත දෙයි

sachith Sunday, 19 March 2023 05:41 PM

ඉන්දියාවේ මුදල් දැන් ලංකාවේ මාකට් එකේ තියෙනවා. මෙයාලා පශුසම්පත්වලට අතදෙනවා කියන්නේ ඉතින් මෙහෙ නිෂ්පාදනවලට කෙළවෙන එක තමයි. ඊට පස්සේ කිරි ආශ්‍රිත දේවල් ඔක්කොම විදේශවලින් ගෙන්නන්නම්...!

:       0       0

Lalla Monday, 20 March 2023 06:59 AM

මොකුත්ම ඕන නෑ කිරිපට්ටි ගැන හෝ කුකුලු ගොවිපලවලට රජය අතර නොදා හිටිය නම් ඇති. ගව ඝාතනය, බිත්තර මිල වගේ අමනෝඥ තීරණ වලින් මේ කර්මාන්තය කඩා වැට්ටීමට රජය කටයුතු කලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site