IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘

ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමිණ පාන ඔකඳ දේවාලයේ සිට අද (8) කුමන වනෝද්‍යානය මැදින් ගමන් අරැඹූහ.

මොනරාගල දිසාපති ඩී.ඒ.එස්.පද්මා කුලසූරිය මහත්මියද එහි වූවාය.

ලබන 17 වැනි දින ඔවුන් කතරගමට ළඟාවීමට නියමිතය.

පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි 242 බල සේනාධිපති කර්නල් සිරිශාන්ත මහතාගේ උපදෙස් මත 23 වැනි සිංහ රෙජිමේන්තුව වන්දනාකරුවන්ට කිරිබතින් සංග්‍රහ කළේය.

කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුවන සුරංග රත්නායක මහතා විසින් බැතිමතුන්ට පරිසරයට හා වන සතුන්ට හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ.සෝමරත්න හා කතරගම ප්‍රාදේශීය ලේකම් ගයාන් අලගියවන්න මහත්වරුද පැමිණ සිටියහ.

DSC00212 DSC00220 DSC00221 DSC00240

DSC_0378[1] DSC00226[1] DSC00250 DSC00258 DSC00260 DSC00274

 

 

 

 



අදහස් (0)

‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘

ඉසුරන්දි Wednesday, 08 July 2015 07:19 AM

මේ මිනිස්සු බැති සිතින් කරන මේ පුජා සියලුම වැසියන්ට දේව අාශිර්වාදයක්ම වේවා! (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 08 July 2015 07:50 AM

කතරගම දෙවියන් සෝවාන් දෙවියෙක්, එම නිසා අපි එය සිතාගෙන පින් දීමෙන් නියම ආශිර්වාදය ලබගත හැකිවෙනවා (ම)

:       0       0

සුමිත් Wednesday, 08 July 2015 06:29 AM

මටත් හරිම ආසාවක් තියෙනවා මේ ගමනට එකතු වෙන්න. අනේ එ්ත් වෙලාවක් නැහැනේ. ඔබ සැමට කතරගම දෙවි පිහිට ලැබේවා (නදී)

:       0       0

අරවින්ද Wednesday, 08 July 2015 06:33 AM

කද සුරිඳුනී ඔබේ පිහිට ලැබේවා. මගේ රට සව්සිරියෙන් සපිරේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site