IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘පැවිදිකමයි දේශපාලනයයි රස්සාව කරගෙන‘

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 10 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධීන කණ්ඩායම් තුනකින් අපේක්ෂකයෝ 221 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

නාම යෝජනා අත්සන් කිරිමේ දී ඔවුන්ගේ වෘත්තිය දැක්වීම සිදුකරයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් අතරින් වැඩිම පිරිසක් ව්‍යාපාරිකයෝය. ඒ සංඛ්‍යාව 73කි. ඉන් පසු වැඩිම පිරිසක් නියෝජනය කරන වෘත්තිය වන්නේ නීතීඥ වෘත්තියයි.  ස්වාධීන කණ්ඩායමක සියළුම දෙනා නීතීඥයන් වන අතර මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී ඇති නීතීඥයන් සංඛ්‍යාව 24කි.  වැවිලිකරුවන් ලෙස තම වෘත්තිය නාමයෝජනා පත්‍රයේ සටහන් කැර ඇති සංඛයාව 14ක්වන අතර ගොවිතැන තම වෘත්තිය ලෙස සටහන් කළ සංඛ්‍යාව අට දෙනෙකි.

විශ්‍රාමිකයෝ 19 දෙනකු ද මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 10 සඳහා ඉදිරිපත්ව සිටිති. මේ අතර භික්ෂූන් වහන්සේලා 10 දෙනක් නාම යෝජනා භාර දී සිටිති.  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වන බද්දේගම සමිත හිමි තම රැකියාව ලෙස සඳහන්කැර ඇත්තේ ‘පැවිදි‘ යන්නයි. ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වන භික්ෂූන් වහන්සේ නමක් තම රැකියාව ලෙස ‘පූජ්‍ය‘ යනුවෙන් සඳහන් කැර ඇති අතර තම රැකියාව ‘භික්ෂු‘ යනුවෙන් සඳහන් කළ හිමිනමක් ද රැකියාව ‘ශිෂ්‍ය‘ යනුවෙන් සඳහන්කළ හිමිනමක් ද තරඟ බිමට පිවිස සිටිති. විහාරාධිපති හා පරිවේණාධිපති යන්න රැකියාව වශයෙන් සඳහන් කරමින් මැතිවරණයට ඉදිරිපත්වන භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව හය දෙනෙකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් විසින් සඳහන්කැර ඇති රැකියා අතර රක්ෂාව ‘ඇමති‘ යනුවෙන් සඳහන් කැර ඇති අපේක්ෂකයකු ද සිටීම විශේෂත්වයකි. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අමාත්‍ය පියසේන ගමගේ මහතාය. රැකියාව ‘පළාත් සභා මන්ත්‍රී‘ යනුවෙන් සඳහන් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඒ.ජී.සී.පියසිරි මහතා තරග වදියි.

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා සිය රැකියාව ලෙස දක්වා ඇත්තේ ‘දේශපාලඥ‘ යන්යි. ඇමති ගයන්ත කරුණාතිලක මහතා රැකියාව ලෙස ‘ඉඩම් හිමි වැවිලිකරු‘ ලෙස සඳහන් කැර ඇතත් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා ඇතුළු පළමු නම් සඳහන් අපේක්ෂකයන් තිදෙනා ඇතුළු හතර දෙනකු ම තම රැකියාව ‘පූර්ණ කාලීන දේශපාලනය ලෙස සඳහන් කැර තිබේ.  ‘පූර්ණකාලීන දේශපාලනය‘ තම රැකියාව බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු ද සඳහන් කැර ඇත. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අතර   ගුරුවරයකු වන ඔහු තම වෘත්තිය ගුරු වෘත්තියට අමතරව නගරාධිපති යනුවෙන් සඳහන්කැර ඇත. ශ්‍රී ලංකාවේ භික්ෂුවක වීම, ශිෂ්‍යයකු වීම, මන්ත්‍රී ධූර, අමාත්‍ය ධූර හෝ පූර්ණකාලිනව දේශපාලනයේ යෙදී ම  රැකියාවක් ද යන්න ගැටළුවකි. ඒ අනුව මෙරට නැති රැකියා සඳහන් කරමින් නාමයෝජනා අත්සන් කැර ඇති සංඛ්‍යාව 21 කි.

මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතර රියදුරන් 10ක් ද සිටින අතර ලිපිකරුවන් හයදෙනෙක්, ගුරුවරු පස් දෙනෙක්, කම්කරුවන් හතරදෙනෙක්, රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු කලාකරුවෝ හතර දෙනෙක්, වඩු කාර්මිකයෝ තිදෙනෙක් ද මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. තම රැකියාව ශිෂ්‍ය ලෙස සඳහන් කරමින් දෙදෙනකු මැතිවරණයට පිවිස සිටින අතර ඇඟළුම් සේවිකාවක් ද මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නීය.

මාධ්‍යවේදී ලෙස සිය වෘත්තිය සඳහන් කරමින් මැතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටිති.   ඉන් එක් අයකු වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයක් වුව ද මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ එකම ධීවරයකු පමණි. ඒ ජනසෙත පෙරමුණෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් අතරින් හය දෙනකු තමන්ට රැකියාවක් ඇති බවට කිසිදු සඳහනක් කැර නැත.

ශ්‍රී ලංකාවේ දී යම් පුද්ලයකු තරුණයකු ලෙස ගැණෙන්නේ වයස අවුරුදු 18ත් 35ත් අතර වයස් සීමාවේ පසුවන්නේ නම් පමණි. ඒ අනුව මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් 221 දෙනා අතර තරුණයන් සිටින්නේ 50 දෙනකු පමණි. එය මුළු අපේක්ෂක සංඛයාවෙන් සියයට 22.62 ක ප්‍රතිශතයකි. මේ තරුණ වයසේ පසුවන අය අතර භික්ෂූන් වහන්සේලා හතර දෙනෙක් සිටිති. එම භික්ෂූන් වහන්සේලා හතර දෙනාම නාම යෝජනා බාර දී ඇත්තේ බොදු ජන පෙරමුණෙනි. වැඩිම තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කැර ඇත්තේ ද බොදු ජන පෙරමුණ සහ ප්‍රසංග සමන්ත අබේගුණවර්ධනගේ   ඉදිරිපත් කරන ලද ස්වාධීන කණ්ඩායම විසිනි . එම පක්ෂයෙන් හා කණ්ඩායමෙන් තරුණ අපේක්ෂකයෝ නම දෙනෙක් බැගින් ඉදිරිපත්ව සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලාබාලතම අපේක්ෂකයා වන්නේ බොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින 1994 ජූලි මාසයේ උපන් හේව හෙට්ටිගෙ ඉෂාන් රංග කුමාර නම්ශිෂ්‍යයෙකි. ලිබරල් පක්ෂයේ අපේක්ෂක චරුක සඳමාල් ද 1994 පෙබරවාරි මාසයේ උපත ලැබූවෙකි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින කාන්තාවන් ගණන හයකි. මව්බිම ජනතා පක්ෂය නියෝජනය කරමින් කාන්තාවන් දෙදෙනකු තරඟ බිමට පිවිස සිටින අතර තවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය ද අපේ ජාතික පෙරමුණ, නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කාන්තාවක් බැගින් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. නව සම සමාජ පක්ෂයෙන් ඉදිරිපත්වන ශිව පෙරුමාල් ශිරෝමි ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වන ලාබාලතම කාන්තාවයි. ඇය 1993 වර්ෂයේ උපතලබා සිටින්නීය. රජයේ විශ්‍රාමික නිලධාරිනියක් වන කාකානම් පතිරණගේ ඉංගල් මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින වඩාත් වියපත් කාන්තාව යි. 70 හැවිරිදි වියේ පසුවන්නීය. ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ ඒ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් කාන්තාවන්ට ලැබී ඇති අවස්ථාව සියයට 2.71ක් පමණි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මීට ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීධූර හිමිකැර ගත් දේශපාලන පක්ෂවන එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ තම අපේක්ෂක ලැයිස්තුවට කිසිදු තරුණයකු හෝ තරුණියක ඇතුළත් කැර නොතිබීම විශේෂත්වයකි. එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු කාන්තාවකට නාම යෝජනා ලබා දී නැත.



අදහස් (0)

‘පැවිදිකමයි දේශපාලනයයි රස්සාව කරගෙන‘

ප්‍රින්ස් Tuesday, 14 July 2015 04:49 PM

අහෝ ලංකාව! (නි)

:       0       0

ශෂි Wednesday, 15 July 2015 04:13 AM

දේශපාලනය ව්‍යාපාරයක්? සේවාවක් ? (ම)

:       0       0

ගයාන් Tuesday, 14 July 2015 01:30 PM

දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

ගයාන් Tuesday, 14 July 2015 01:30 PM

දේශපාලනය කියන්නේ වෘතියක් නේද? ඒ අයට වැටුප් හම්බවෙනවා අනිත් වරප්‍රසාද වලට අමතරව.ඉතින් දේශපාලනය කියලා දැම්මම මොකක්ද වරද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site