IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුවත්පත් මණ්ඩලයට පණ දුන්නැයි ජනපතිට දොස්

විධායක ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති ගත් උත්සාහය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා එහි අනුබද්ධ හවුල්කරුවෝ හෙළා දකිති.

මාධ්‍යකරුවන් හිරගෙට යැවීම ඇතුළු පුළුල් අධිකරණමය බලතල ඇති මෙම නීති රීති කලක් අකර්මන්‍යව තිබූ බවත් ජනපති යළිත් එය ඉදිරිපත් කිරීම ගැන පුවත්පත් ප්‍රකාශකයෝද ජාතික පුවත්පත් කතුවරුද, මාධ්‍ය ක්‍රියාකාරීහුද, වෘත්තීය ජනමාධ්‍යවේදීහුද දැඩි විරෝධය පළ කරති.

මුද්‍රිත මාධ්‍යයට හා එහි අයිතිකරුවනට නියමින් හා අනියමින් තර්ජනද බලපෑම්ද ලැබෙන ආකාරයේ නීති රීති යළි ඇති නොකරන බව පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළ ජනපති සිරිසේන මහතා මාධ්‍ය නිදහස රකිනු වෙනුවට ඔවුන් හිරේ විලංගුවේ දැමීමට සැරසෙතියි ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා වෘත්තීය කලාවේදීන්ගේ සංගමය ජනපතිට දන්වා ඇත.

ජනපතිගේ ක්‍රියාව නීති විරෝධී බවත් පුවත්පත් කලාවේ නියැලී සිටින්නන්ගෙන් විමසීමේ මූලික ආචාරධර්මයවත් නොසලකා පුවත්පත් මණ්ඩලය යළි පිහිටුවා ඇති බවත් ඔවුහු කියති.                                                                                           

 



අදහස් (0)

පුවත්පත් මණ්ඩලයට පණ දුන්නැයි ජනපතිට දොස්

සජිත් Sunday, 05 July 2015 03:20 PM

මෙහි දෙපැත්තක් තියෙනවා. ඇතැම් මාධ්‍ය දැන් එක එක විදියට එක එක ඒවා දානවා. එවැනි දේ ගැන සුදුසු තීරණයක් ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අවංක මාධ්‍යවේදීන් මේ ගැන කලබල වෙන්නේ ඇයි. ජනපතිතුමා නිවැරදියි මට නම් පේන්නේ. (නදී)

:       0       0

සිරා Monday, 06 July 2015 05:54 AM

හරි නීති ගේන්න ඕනේ, හිරේ ගියාට මොකද වැරැද්දක් නම්.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Monday, 06 July 2015 02:30 AM

මාධ්‍ය කියන්නේ පුද්ගලයෙකුට කඩේ යන්නෙක් නොවිය යුතුයි. සාධාරණය අනාවරණය කළ යුතුයි. (නදී)

:       0       0

දිනේෂ් Monday, 06 July 2015 03:21 AM

ඕනෙම දෙයකට නීතියක් තියෙන්න ඕනේ (ම)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 06 July 2015 03:40 AM

තමන් හරිමඟ යනවා නම්, විනයගරුක නම් බයවෙන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site