IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘‘පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි‘‘

 

(නිමල කොඩිතුවක්කු)

සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ විවිධ භේද අතහැර අත්වැල් බැඳගැනීමෙන් රට ගොඩනැඟිය හැකි බවත් පාර්ලිමේන්තුව තුළ එම සමගිය දක්නට නොමැති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීවේය.

"20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා.

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාව ගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහ වහා යෑම හා නීතියේ බිඳවැටීම මෙන්ම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබාදුන් අසීමිත බලතල තුළයි.

19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධිකරණ ඇමතිතුමා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙනවා.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳගන්න පුලුවන්නම් රට බේරාගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත හා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළා. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. එකී නිශ්චිත කාලය තුළ සිදුකරන එම වගකීම් සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. මේ සෑම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහියි.

දැන් අපි සන්සුන් විය යුතු කාලය පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති විය යුතුයි.

රට ඉදිරියට ගෙනයෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැකියි. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්තිනාමයට විශාල වශයෙන් හානිවන බව නිලධාරීන් වටහාගත යුතුයි.



අදහස් (1)

‘‘පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි‘‘

ravin Monday, 01 August 2022 12:14 PM

නූගතුන්ගේ පාරාදීසයකින් උගත්, බුද්ධිමත් අය හොඳින් හිතා බලා ගතයුතු තීරණ ගත හැකිවේවිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site